Header

Sri Lanka Army

Defender of the Nation

08th March 2016 18:43:16 Hours

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන තවත් පුහුණු දින වැඩසටහනක් පවත්වයි

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ අධීක්ෂණය යටතේ බදාදා (6) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන ප්‍ර‍ධාන ශ්‍ර‍වණාගාරයේ දී මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු නිලධාරීන් වෙනුවෙන් තවත් පුහුණු දින වැඩසටහනක් පවත්වනු ලැබීය. 641 බලසේනාවේ බලසේනා මේජර් මේජර් ඩබ්.එච්. වික්‍ර‍මසිංහ විසින් පවත්වන ලද ‘මානව සම්පත් කළමනාකරණ සහ නායකත්ව’ පිලිබද දේශණය සඳහා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් එන්.එම් හෙට්ටිආරච්චි ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගි විය. මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති සේනාංක, බලසේනා සහ ඉදිරි නඩත්තු පෙදෙසෙහි රාජකාරී නියුතු නිළධාරීන් 50 දෙනෙකු මෙම දේශණය සඳහා සහභාගි වූහ.Running sports | Nike - Shoes & Sportswear Clothing