Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
06th March 2016 18:42:18 Hours
යුද හමුදා ඉංජිනේරුවන් සහ සෙබලුන් කෙප්පාපිලව් ආදර්ශ ගම්මානයේ නව නිවාස 287 ක් ඉදි කොට අවසන් කෙරේ
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සිටින ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරුවන් සහ සෙබලු කෙප්පාපිලව් ආදර්ශ ගම්මානයේ නව නිවාස 287 ක් ඉදි කොට අවසන් කෙරුණු අතර, ඉන් අවසන් නිවාස 19 සහ නව වෛද්‍ය මධ්‍යස්ථානය බ්‍රහස්පතින්දා (25) දින පැවති උත්සවයක දී ජනතා අයිතියට භාර කෙරිනි. නැවත පදිංචි කිරීම්, ප්‍රතිසංස්කරණ හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය යුද හමුදාව සමඟ එක්ව 2012 සැප්තැම්බර් මස මෙම නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කළ අතර, මුලතිව් දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් හරහා ව්‍යාපෘති සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කර ලබා දෙන ලදී. 2009 වසරේ මැයි මාසයට පෙර පැවති ත්‍රස්තවාදි ගැටුම් නිසා අවතැන්ව මැණික් ෆාම් අවතැන් කඳවුර, පිලකුඩිඉරිප්පු, සූරියපුරම්, සෙනියමොටෙයි, යාපනය අල්ලාරි සහ කෙප්පාපිලව් යන ප්‍රදේශවල සිටි නිවාස අහිමි වූ සිවිල් ජනතාව වෙත මෙම නිවාස ඉදි කොට දුනි. මෙම දැවැන්ත නිවාස ව්‍යපෘතියේ කටයුතු යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ මග පෙන්වීම යටතේ 59 වන සේනාංකයේ සේනාංකාධිපති හා 592 බලසේනාධිපතිගේ සම්බන්ධීකරණයෙන් සිදු කෙරිනි. මෙහි දී පසුගිය සතියේ කෙප්පාපිලව් ආදර්ශ ගම්මානයේ අවසන් අදියරේ ඉදි කළ නිවාස 19 නැවත ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයින් ලෙස මුලතිව් දිස්ත්‍රික් ලේකම් ආර්. කේතීෂ්වරී මහත්මිය සහ මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් පී.යූ.එස් විතානගේ සහභාගි වූ අතර, ඔවුන් සමඟින් 59 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එන්.ඩී වන්නිආරච්චි, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂිකා ඩී. විල්බරාසා මහත්මිය, ව්‍යාපෘති අධ්‍යක්ෂිකා බී. කනේෂ්මූර්ති මහත්මිය, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා යූ. මුනිෂ්වරන් මහත්මිය ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් සහ සිවිල් ජනතාව ද සහභාගි වූහ. මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිරීක්ෂණයෙන් අදියර කිහිපයක් යටතේ මෙම නිවාස ඉදි කිරීම් සම්පූර්ණ කෙරුණු අතර, එහි දී 2013 මැයි මාසයේ නිවාස 50 ක් ද, 2014 පෙබරවාරි මාසයේ 101 ක් ද, 2014 ඔක්තෝබර් මාසයේ නිවාස 78 ක් ද, 2015 ඔක්තෝබර් මාසයේ නිවාස 39 ක් සහ පසුගියදා අවසන් අදියරේ නිවාස 19 ක් වශයෙන් ජනතා අයිතියට පත් කෙරිනි. මෙම අවසන් නිවාස 19 ප්‍රදානය කරන අවස්ථාවේ කෙප්පාපිලව් ආදර්ශ ගම්මානයේ පදිංචිකරුවන් වෙනුවෙන් ඉදි කළ වෛද්‍ය මධ්‍යස්ථානය ද විවෘත කරනු ලැබීය. එමෙන්ම කෙප්පාපිලව් ප්‍රාථමික විදුහලට විදුලි බලය ලබාදීම ද මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරිනි.
Running sports
|
Jordan Release Dates , Iicf