Header

Sri Lanka Army

Defender of the Nation

05th March 2016 16:31:54 Hours

ආහාර පිසීමේ තරඟයක් මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ දී

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියතු දක්ෂ සුපසහායකයින් තෝරා ගැනීම සඳහා එම ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කළ ආහාර පිළියෙල කිරීමේ තරඟය පසුගිය අඟහරුවාදා (01) දින මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන ශ්‍ර‍වණාගාරයේ දී පවත්වන ලදි. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ සංකල්පයකට අනුව පැවැත් වූ මෙම තරඟයේ දී මුලික වශයෙන් යුද හමුදාව තුළ ගුණාත්මකව ආහාර පිසිමේ හැකියාව සහ සුපවේදී ක්‍ර‍ම වැඩිදියුණු කිරීම මෙන්ම යුද හමුදා සුපසාහයකයින්ගේ දැනුම වර්ධනය කිරිම අරමුණු විය. මෙහි දි මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන ප්‍ර‍ධාන මාණ්ඩලික නිලධාරි 1 ශ්‍රී ලංකා සංඥා බලකායේ ලුතිතන් කර්නල් එච්.ඩි.ජේ.පී. වීරතුංගගේ අධික්ෂණයෙන් තරඟකරුවන් 31 දෙනෙකු අතුරින් යුද හමුදා සුපසාහයකයින් දෙදෙනෙකු සහ සිවිල් සුපසාහයකයින් දෙදෙනෙකු ඉදිරිවට සඳහා තෝරාපත් කර ගන්නා ලදි.latest Running | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News