Header

Sri Lanka Army

Defender of the Nation

05th March 2016 16:29:41 Hours

57 වන සේනාංක සංවත්සර සැමරුම

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකය පසුගිය දා සිය 9 වන සංවත්සරය සැමරූ අතර, ඒ වෙනුවෙන් එම සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩබ්.ඒ.ටී.ඒ. සුදසිංහගේ අධික්ෂණය මත විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි. ඒ අනුව සංවත්සර සැමරුම සෙනසුරාදා (20) දින කිලිනොච්චි ජුම්මා මුස්ලිම් පල්ලියේ පැවති විශේෂ දේව මෙහෙයත් සමඟින් ආරම්භ විය. ඊට පසු දින (21) කිලිනොච්චි මහාදේව ආශ්‍ර‍යේ දරු දැරියන් 350 දෙනෙකු වෙත දිවා ආහාරය ද ලබාදෙන ලදි. සේනාංකයටත්, යුද හමුදාවටත් සෙත්පතා විශේෂ බෝධි පූජා පිංකමක් කිලිනොච්චි ලුම්බිණි විහාරයේ දී සඳුදා (22) දින පැවැත්විය. ඉන් අනතුරුව, අඟහරුවාදා (23) දින කිලිනොච්චි කන්දසාමි කෝවිලේ දී විශේෂ පුජාවක් ද පවත්වනු ලැබිය. තවද කතෝලික දේව මෙහෙයක් පැවැත්විම බදාදා (24) දින කිලිනොච්චි දකුණු ඉන්දියානු ක්‍රිස්තියානි සභාවේ දී සිදුකෙරිනි. එමෙන්ම, පෙබරවාරි 26 වන දින 57 වන සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හි සෙබලුන් විසින් එම සේනාංක මුලස්ථානයේ දී බ්‍රිගේඩියර් ඩබ්.ඒ.ටි.ඒ. සුදසිංහ වෙත සම්මාන මුරයක් සහ සම්මාන අචාර පෙළපාලියක් ද පිරිනමන ලදි. තවද, සියලු නිලයින් සඳහා දිවා භෝජන සංග්‍ර‍හායක් ද, සේනාංකයේ අන්තර් ශාඛා නියෝජනය කරමින් ක්‍රිකට් තරඟාවලියක් ද එදින පැවැත්විය. ඉරිදා (28) දින පැවති දැවැන්ත සංගීත සැඳැවත් සමඟින් මෙම සංවත්සර වැඩසටහන සමාප්ත විය.Best jordan Sneakers | Men Nike Footwear