Header

Sri Lanka Army

Defender of the Nation

02nd March 2016 21:31:00 Hours

රන්පොකුණුගම යුද හමුදා නිවාස අලුත්වැඩියා කරයි

යුද හමුදාපතිතුමාගේ මගපෙන්වීම යටතේ යුද හමුදා භට නිවාස සම්පාදන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් යුද හමුදාවේ විවාහක රණවිරුවන් පදිංචි වී සිටින රන්පොකුණුගම - උදාගම් නිවාස ව්‍යාපෘතියේ ඇති නිවාස 32 ක් අලුත්වැඩියා කිරීමට කටයුතු කරමින් සිටී. ආබාධිත රණවිරුවන් ඇතුළු යුද හමුදා සාමාජිකයන් වෙත ලබා දී ඇති මෙම නිවාස 32 භඨ කාර්ය සම්පාදක අධ්‍යක්ෂ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් පාලනය කරයි. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මෙම නිවාස ඉදිරි සති කිහිපය තුලදී මෙම අලුත්වැඩියා කටයුතු සිදුකිරීම සඳහා අවැසි උපදෙස් ලබාදුනි. එහි ප්‍ර‍ථම අදියර යටතේ නිවාස 16 ක් ප්‍ර‍තිසංස්කරණය කොට ඇති අතර, ඉන් නිවාස 06 ක් ඒ ආසන්නයේ පිහිටි රාගම රණවිරු සෙවණේ සහ යක්කල රණවිරු ඇපරල්ස්හි ආබාධිත සෙබලුන්ගේ කටයුතු පහසු කර ගැනීම පිණිස ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා ලබාදීමට කටයුතු කරමින් පවතී. ඒ අනුව මෙසේ අලුත්වැඩියා කටයුතු කරනු ලැබූ නිවාස 10 ක් පුනරුත්ථාපන අධ්‍යක්ෂ ජෙනරාල් සහ භඨ කාර්ය සම්පාදන අධ්‍යක්ෂක ගේ සහභාගීත්වයෙන් පැවති චාම් උත්සවයක දී අඟහරුවාදා (1) දින රණවිරු අයිතියට පත් කරනු ලැබීය. latest Running | Nike Air Force 1 , Sneakers , Ietp STORE