Header

Sri Lanka Army

Defender of the Nation

02nd March 2016 21:22:42 Hours

විශේෂ පාබල සහ බලඇණි පුහුණු පාඨමාලාව ආරම්භ වේ

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ වන සේනාංක, බල සේනා, ඉදිරි නඩත්තු පෙදෙස සහ ඒකකවල නිලධාරින් සහ සෙසු නිලයින් වෙනුවෙන් ඔවුන්ගේ දැනුම වර්ධනය කිරීම පිණිස බල ඇණි පුහුණු පාඨමාලා ආරම්භ කෙරිනි. 68 වන සේනාංකය යටතේ පිහිටි 7 වන ගැමුණු හේවා බලඇණියේ නිලධාරින් 9 දෙනෙක් සහ සෙසු නිලයින් 352 ක් පුදුකුඩිඉරිප්පු බලඇණි පුහුණු පාසලේ දී මෙම පාඨමාලාව හැදෑරීමට එක්වූහ. ගැමුණු හේවා බලකායේ මෙම වැඩසටහන එළඹෙන අප්‍රේල් මස (4) නිම කිරීමට නියමිතය. තවද 64 වන සේනාංකය යටතේ වන 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව ද සිය බලඇණි පුහුණු පාඨමාලාව මුතියන්කට්ටු බලඇණි පුහුණු පාසලේ දී සිදු කලහ. ඒ සඳහා නිලධාරින් 11 දෙනෙකු සහ සෙසු නිලයින් 222 ක් ඇතුළුව 233 දෙනෙක් සහභාගි වූහ.jordan Sneakers | Air Jordan