Header

Sri Lanka Army

Defender of the Nation

02nd March 2016 14:11:19 Hours

23 වන සේනාංකයෙන් තවත් වැඩමුළුවක්

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 23 වන සේනාංකයෙහි සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.ඩී.යූ.කේ හෙට්ටිආරච්චිගේ අධීක්ෂණය යටතේ එම සේනාංක නිලධාරීන් සඳහා පසුගිය 25 සහ 26 යන දෙදින පුරා 23 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ දී අධ්‍යාපනික වැඩමුළුවක් පවත්වනු ලැබීය. මෙහි දී ගෝලීය සන්නිවේදන ක්‍ර‍මවේදය පිළිබඳව වැඩමුළුව ආරක්ෂක අමාත්‍යාංශයේ පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ සේවයේ නියුතු ශ්‍රී ලංකා සංඥා බලකායේ ලුතිතන් කර්නල් එල්.ආර්.කේ කහඳගමගේ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිතන් ඒ.ඒ.ඒ චින්තක සහ ගැමුණු හේවා බලකායේ කපිතාන් ඩබ්.එම්.පී වසන්ත විසින් මෙහෙයවීය. මෙම වැඩමුළුව සඳහා 23 වන සේනාංකය යටතේ රාජකාරියේ නියුතු නිලධාරීන් 40 දෙනෙකු සහභාගි වූහ.Sportswear free shipping | 【国内5月2日発売予定】ナイキ ウィメンズ エアマックス ココ サンダル 全4色 - スニーカーウォーズ