Header

Sri Lanka Army

Defender of the Nation

29th February 2016 22:00:29 Hours

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන නව ආඥාපති සිය ධූරයෙහි රාජකාරී අරඹයි

5 වන මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති ලෙස මේජර් ජෙනරාල් ඒ.පී ද ඉසෙඩ් වික්‍ර‍මරත්න බ්‍ර‍ස්පතින්දා (25) දින පැවති චාම් උත්සවයකින් සිය ධූරයෙහි රාජකාරී අරඹනු ලැබීය. මේජර් ජෙනරාල් ඒ.පී ද ඉසෙඩ් වික්‍ර‍මරත්න හට හමුදා සම්ප්‍ර‍දායානුකූලව මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන සෙබලුන් විසින් ආචාර සම්මාන මුරයක් පිරිනැමූ අතර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් හෙතෙම පිළිගනු ලැබීය. අනතුරුව රොක්වීව් සරඹ භූමියේ දී 7 වන ශ්‍රී ලංකා සංඥා බලකා සෙබලුන් විසින් පිරිනමනු ලැබූ ආචාර සම්මාන පෙළපාලිය නව ආඥාපතිතුමා විසින් පිරික්සනු කරනු ලැබීය. තම නිල කාර්යාලයේ දී නව ආඥාපතිතුමා ආගමික ආශිර්වාද මධ්‍යයේ අදාල ලිපිලේඛණවලට අත්සන් තබමින් සංකේතාතත්මකව තම නව තනතුරේ රාජකාරි භාර ගනු ලැබීය. ඉන් අනතුරුව මෙම අවස්ථාව සිහි ගැන්වීම පිණිස පැළයක් ද රෝපණය කළ එතුමා තම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරියේ නියුතු සෙබලු ඇමතීය. එමෙන්ම නිලධාරින් සහ සෙසු නිලයින් සමඟ සුහද කතාබහක ද නිරතවීමෙන් පසු තේ පැන් සංග්‍ර‍හයකට ද එක්විය. 11, 12 සේනාංකවල සේනාංකාධිපතිවරු, 111,112,121 හා 122 බලසේනාවල බලසේනාධිපතිවරු, අණදෙන නිලධාරින්, නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.Adidas shoes | Air Jordan