Header

Sri Lanka Army

Defender of the Nation

29th February 2016 21:54:53 Hours

ගිනි නිවීම් පෙරහුරුවට 11 වන සේනාංකයේ සහයෝගය

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 11 වන සේනාංක බල ප්‍රදේශයේ දී සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් ආයතනයේ කොටගල තෙල් ගබඩාව විසින් එම තෙල් ගබඩා බල ප්‍රදේශයේ දී වාර්ෂිකව පවත්වනු ලබන ගිනි නිවීමේ හා හදිසි අවස්ථා සඳහා මුහුණදීමේ පෙරහුරුවට යුද හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, විශේෂ කාර්ය බලකාය, නුවරඑළිය සහ හැටන් ගිනි නිවීමේ ඒකකය, නුවරඑළිය ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ඇතුළු රාජ්‍ය ආයතනවල පිරිස් එක්ව සිටියහ. එදිනෙදා කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී ඇතිවන හදිසි විපත් ව්‍යර්ථ කිරීමට මෙම පෙරහුරුව මනා පිටුවහලක් වන අතර, 11 වන සේනාංකයේ සෙබලු තම පූර්ණ සහයෝගය මෙම කාර්යය සඳහා ලබා දුන්හ.bridgemedia | Nike Dunk Low Disrupt Pale Ivory - Grailify