Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
28th February 2016 00:30:56 Hours
‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත අදියර II ප්‍රදානය කිරීම සාලියපුර දී
යුද, නාවික, ගුවන්, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් සහ එම පවුල්වල සාමාජිකයන් වෙත ප්‍රතිලාභ පිරිනැමෙන ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත දෙවන අදියර පලාත් මට්ටමින් ප්‍රදානය කිරීමේ උත්සවය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සෙනසුරාදා (27) පෙරවරුවේ අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විය. මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ ‘විරුසර’ කාඩ්පත් 13,000 ක් ප්‍රදානය කිරීමට නියමිත අතර, එයින් දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් 184 දෙනෙක් සහ ආබාධිත රණවිරුවන් 951 දෙනෙකු ඇතුළු ප්‍රතිලාභීන් 1135 ක් වෙත අනුරාධපුර, සාලියපුර දී එම කාඩ්පත පිරිනමන ලදී. එම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතාගේ සම්ප්‍රාප්තියෙන් පසු උත්සවය ආරම්භ කරමින් සම්ප්‍රදායානුකූලව පොල් තෙල් පහන දල්වා අනතුරුව දේශය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිකරමින් විනාඩි දෙකක පමණ නිහඩතාවයක් ද පැවැත්වීය. උත්සවයේ පිළිගැනීමේ කතාව ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා විසින් සිදු කරනු ලැබීය. මෙම ව්‍යාපෘතියේ ආරම්භය පසුගිය ජනවාරි මස අරලියගහ මන්දිරයේ දී සිදු වූ අතර, එහි දී රණවිරු සේවා අධිකාරියේ ගරු සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත පිළිබඳව කරනු ලැබූ කතාවෙහි කෙටි විස්තරයක් මෙම අවස්ථාවේ දී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ලේකම් ඒ.පී.ජී කිත්සිරි මහතා විසින් සිදු කරනු ලැබීය. මෙම කාඩ් පත මගින් වෛද්‍ය, ආහාර ද්‍රව්‍ය, ගමනාගමන පහසුකම්, රෝහල් පහසුකම්, ණය ගනුදෙනු, වෘත්තිය පාඨමාලා ආදිය සහ තවත් පහසුකම් සඳහා දිවයිනේ ප්‍රධාන පෙලේ වාණිජ ආයතන 45 කට අධික ප්‍රමාණයකින් ප්‍රතිලාභ සහ වට්ටම් ප්‍රදානය කිරීම සිදු වන අතර, අමිල මෙහෙයක් කළ ආබාධිත රණවිරුවන් ඇතුළු රණවිරුවන් වෙත සමාජයේ ගෞරවාන්විත ප්‍රමුඛත්වයක් ලබාදීම ද මෙහි තවත් අරමුණකි. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආශිර්වාදය මධ්‍යයේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ සංකල්පයක් මත රණවිරු සේවා අධිකාරිය විසින් යුද, නාවික, ගුවන්, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වලට සහ ආබාධිත රණවිරුවන් ඇතුළු විරුවන් වෙත ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත ප්‍රදානය කිරීමේ පළමු අදියරේ උත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජනවාරි මස අරලියගහ මන්දිරයේ දී උත්සවාකාරයෙන් සිදු කෙරිනි. සම්භාවනීය ආරාධිත අමුත්තන් ඇතුළුව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරින්, ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරින් රැසක් ද මේ අවස්ථාව සදහා එක්විය. දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ආබාධිත රණවිරුවන් ඇතුළු ලක්ෂ තුනකට අධික රණවිරුවන් වෙත මෙම ව්‍යාපෘතිය තුලින් එළඹෙන අප්‍රේල් මාසය වන විට අදියර 6 ක් තුල ඉහත හිමිකම් කාඩ්පත ලබාදීමට සැලසුම් කොට ඇත.
Sneakers Store
|
Air Jordan Release Dates 2020