Header

Sri Lanka Army

Defender of the Nation

26th February 2016 20:47:12 Hours

පූජ්‍ය කුසලධම්ම හිමිගේ ආශිර්වාද වැඩසටහන් සඳහා සෙබලුන්ගේ නොමද සහය

කැළණිය විශ්ව විද්‍යාලයේ කුලපති, කොළඹ සහ හලාවත දෙදිසාවේ ප්‍ර‍ධාන සංඝනායක අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නායක හිමියන්ගේ 80 වැනි ඡන්ම දිනය නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ ආගමික වැඩසටහන් සඳහා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 21 වන සේනාංක සෙබලුන් දායකත්වය ලබා දී ඇත. ඒ අනුව වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරාගේ උපදෙස් මත බෞද්ධ භික්ෂුන් වහන්සේලා සහ ප්‍ර‍වීන බෞද්ධ විද්වතුන් පැවැත් වූ “තරුණ ගැටළුවලට බුදු දහමින් විසදුම් සෙවිය හැකිද?” යන්න තේමා කොට ගත් ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා සහ බැති ගී ආදිය පැවැත් වූ අතර, ඒ සඳහා සෙබලුන්ගේ සහ සිවිල් වැසියන්ගේ නොමද සහයෝගය ද ලබා දී ඇත. මානුෂීය මෙහෙයුම පැවති සමයේ සිට යුද හමුදාවට ආශිර්වාද කරනු ලැබූ පූජ්‍ය කුසලධම්ම නා හිමියන් වහන්සේ වෙත මෙම වැඩසටහන අවසානයේ මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා දෙපා නැමද සමරු තිළිණයක් ද පිළිගන්වනු ලැබීය. මෙම වැඩසටහන් සඳහා පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමි, 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ.එස් ද ඉසෙඩ් වික්‍ර‍මරත්න සමගින් යුද හමුදා සාමාජිකයින් සහ සිවිල් වැසියන් බොහෝ පිරිසක් සහභාගි වූහ. affiliate tracking url | Air Jordan 5 Raging Bull Toro Brovo 2021 DD0587-600 Release Date Info , Iicf