Header

Sri Lanka Army

Defender of the Nation

26th February 2016 13:37:40 Hours

මහාදේව ආශ්‍ර‍මයේ දරුදැරියන්ට ආහාර සහ ත්‍යාග පිරිනැමේ

කිලිනොච්චියේ පිහිටි මහාදේව ආශ්‍ර‍මයේ සිටින දු දරුවන් වෙත කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 57 සේනාංකය විසින් ත්‍යාග පිරිනැමීමේ වැඩසටහනක් ඉරිදා (21) දින සිදු කෙරිනි. සියලුම ජාතීන් අතර අනෝන්‍ය අවබෝධය සහ සුහදත්වය වර්ධනය කිරීමේ අදිටනින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. මෙහි දී 57 වන සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ මූල්‍යමය දායකත්වය මත ළමුන් සඳහා රුපියල් 80,000 ක් වටිනා ත්‍යාග පාර්සල් සහ දිවා ආහාර ලබා දී ඇත. අගනා සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස ඇයීමට පාත්‍ර‍වූ යුද හමුදාව විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන තුලින් ළමුන් 420 දෙනෙකු සහ මහාදේව ආශ්‍ර‍මයෙහි කාර්ය මණ්ඩලය 35 දෙනෙකු ප්‍ර‍තිලාභ ලැබීය. මෙම අවස්ථාවට ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා ලෙස 57 වන සේනාංකයෙහි සේනාංකාධිපති බ්‍රිගේඩියර් අනුර සුදසිංහ සහභාගි වූහ.Sports brands | Patike