Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
25th February 2016 23:48:26 Hours
යුද හමුදා කර්මාන්ත ක්ෂේත්රයයේ නව පිටුවක් පෙරලමින් හමුදාව වෙත නව උපකරණ නිෂ්පාදන සහ මැහුම් අංශයක්
යුද හමුදා කර්මාන්ත ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරලමින් යුද හමුදාව සඳහා නව උපකරණ නිෂ්පාදන සහ මැහුම් අංශයක් හොරණ, දොඹගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ දී බ්‍රහස්පතින්දා (25) දින විවෘත කරනු ලැබීය. එම අවස්ථාවෙහි ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ආර්.වී. උඩවත්තගේ ආරාධනයෙන් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහභාගි විය. ඒ අනුව යුද හමුදා ඇඳුම් ආයිත්තම් ඇතුළු එවැනි කටයුතු සඳහා ඉදි කරනු ලැබූ මැහුම් කර්මාන්ත ශාලාවේ නව මහන මැෂින් 50 ක් නිෂ්පාදන කටයුතු සඳහා සවි කොට ඇත. එමගින් ශාරිරික අභ්‍යාස ඇඳුම්, නිල ඇදුම් සහ හමුදා ලාංඡන ඇතුළු යුද හමුදා ඇඳුම් ආයිත්තම් අඩු පිරිවැයකින් සකසා ගත හැකි අතර, ඉන් යුද හමුදාවට සැලකිය යුතු මුදලක් ද ඉතිරි කර ගැනීමට හැකිවීම තවත් විශේෂත්වයකි. එම අවස්ථාවේ යුද හමුදාපතිතුමා නව මැහුම් අංශය විවෘත කිරීමේ සමරු පලකය නිරාවරණය කරනු ලැබීය. අනතුරුව යුද හමුදාපතිතුමා නව තාක්ෂණික උපකරණ නිෂ්පාදන අංශය වෙත පැමිණ එහි යන්ත්‍ර සුබ මොහොතින් ක්‍රියාත්මක කිරීමට ආරාධනා ලැබ ඊට එක් වූ අතර, එම අංශය මගින් රථවාහනවල උඩු ආවරණ, කිට් බෑග් සහ අනෙකුත් වාහන ආවරණ උපාංග ඉතා උසස් සහ ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය කළ හැකිය. එහි දී යුද හමුදාපතිතුමා එම නව කර්මාන්ත අංශයෙහි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ආකාරය නිරීක්ෂණය කළ අතර, කර්මාන්ත ක්ෂේත්‍රයේ නිෂ්පාදන අංශයෙහි කීර්තියක් ලබා සිටින යුද හමුදා සාමාජිකයින් මෙම අංශය වෙත යොදවා ගෙන තිබීම පිළිබඳව ද අදහස් පල කලහ. එමෙන්ම ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා එම කර්මාන්ත ශාලාවෙහි නිෂ්පාදන කටයුතුවල නියුතු කාර්ය මණ්ඩල ශ්‍රමිකයින් සමඟ අදහස් හුවමාරු කර ගත් අතර, සැරයන් නිවස්නය, කෞතුකාගාරය, භට පිරිස්වල සනීපාරක්ෂක පහසුකම්, නවාතැන් පහසුකම්, ක්‍රීඩා පහසුකම් මෙන්ම අනෙකුත් පහසුකම් පිළිබඳව ද තොරතුරු විමසනු ලැබීය. මෙම කටයුත්ත සඳහා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා යුධෝපකරණ බලකාය වෙත පැමිණි අවස්ථාවේ එහි කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ආර්.වී උඩවත්ත සහ යුධෝපකරණ බලකා මධ්‍යස්ථාන සේනාවිධායක විසින් පිළිගනු ලැබීය. අනතුරුව සෙබලුන් විසින් එම රෙජිමේන්තු පිවිසුම් දොරටුව අභියස දී යුද හමුදාපතිතුමා වෙත හමුදා සම්ප්‍රදායානුකූලව ආචාර සම්මාන මුරයක් පිරිනැමීය. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන මාණ්ඩලික නිලධාරී මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් එච්.සී.පී ගුණතිලක සමගින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගි වූහ.
buy shoes
|
Nike Shoes, Clothing & Accessories