Header

Sri Lanka Army

Defender of the Nation

25th February 2016 03:13:20 Hours

ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙහි නව රෙජිමේන්තු අධිපති සිය ධුරයෙහි රාජකාරී අරඹයි

ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙහි නව රෙජිමේන්තු අධිපති ලෙස බ්‍රිගේඩියර් ආර්.එම් පෙරමුනේ එම රෙජිමේන්තු මූලස්ථානයේ පැවති චාම් උත්සවයකින් නව ධූරයෙහි රාජකාරී අරඹනු ලැබීය. බ්‍රිගේඩියර් ආර්.එම් පෙරමුනේ ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙහි 9 වන රෙජිමේන්තු අධිපති වන අතර, මීට පෙර එම ධූරය හොබවනු ලැබුවේ හිටපු නියෝජ්‍ය ප්‍ර‍ධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් ඊ.එම්.එම් අඹන්පොල වන අතර දැනට එම ජ්‍යෙෂ්ඨ නිලධාරී විශ්‍රාම ගොස් ඇත. එහිදී ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙහි භට පිරිස් විසින් බ්‍රිගේඩියර් ආර්.එම් පෙරමුනේ වෙත හමුදා සම්ප්‍ර‍දායානුකූලව ආචාර සම්මාන මුරයක් සහ සම්මාන පෙලපාලියක් පිරිනැමීය. ඉන් මිනිත්තු කිහිපයකට පසු නව රෙජිමේන්තු අධිපති මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මධ්‍යයේ සිය ධූරයෙහි රාජකාරී අරඹමින් නිල ලිපි ලේඛණවල අත්සන් කරනු ලැබීය. අනතුරුව එම අවස්ථාව සිහිගන්වමින් එම ස්ථානයේ පැළයක් ද රෝපණය කරන ලදී. තව ද නව රෙජිමේන්තු අධිපති නිලධාරින් සහ සෙස නිලයින් වෙන් වෙන්ව ඇමතූ අතර, යුද හමුදාවේ සහ තම රෙජිමේන්තුවේ උන්නතිය උදෙසා වෙහෙසී වැඩ කරන ලෙස ද ඉල්ලා සිටියේය. සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද පැවති අතර, ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් මීට එක්වූහ.Adidas shoes | New Releases Nike