Header

Sri Lanka Army

Defender of the Nation

25th February 2016 03:06:32 Hours

සම්ප්‍ර‍දායන් සහ චර්යාවන් ආවර්ජනය කිරීමේ වැඩමුළුවක් පවත්වයි

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ දී පසුගිය පෙබරවාරි 15 සහ 16 දෙදින තුල ආචාර ධර්ම, සමාජ චර්යාවන්, සම්ප්‍ර‍දායන්, සන්නිවේදන ක්‍ර‍ම, උත්සව කටයුතු, වෘත්තීය හැසිරීම් ආදි විවිධ විෂයන් පිළිබඳ නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් පැවැත්විනි. වන්නි ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරාගේ ඉල්ලීම මත බ්‍රිගේඩියර් එච්.එන් හලංගොඩ (විශ්‍රාමික) මේ සඳහා සහභාගි වූවේය. යුද හමුදාපති කාර්යාලයේ උපදෙස් මත දෙදිනක් පුරා පැවති මෙම වැඩමුළුවට තරුණ නිලධාරින් 37 දෙනෙකු සහභාගි වුහ. වැඩමුළුව අවසන් කරමින් ‘නිලධාරීත්වය හා රෙජිමේන්තු ගතවීම’ යන මැයෙන් ආරාධිත දේශකයා විසින් දේශනයක් ද පවත්වමින් එදින රාත්‍රියේ පැවැත් වූ විධිමත් රාත්‍රි භෝජන සංග්‍ර‍හයෙන් තවදුරටත් එම ශිෂ්‍ය නිලධාරීන් එවැනි හමුදා චාරිත්‍ර පිළිබඳව ද වැඩිදුරටත් දැනුවත් කරන ලදි.Sports brands | Nike Shoes