Header

Sri Lanka Army

Defender of the Nation

25th February 2016 03:03:28 Hours

පොහෝ දින වෙනුවෙන් බෝධි පූජා පින්කමක්

මුලතිව් ආරක්ෂක සේනා මූළස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පි.යූ.එස් විතානගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකා සෙබලුන් විසින් (22) නවම් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් දේශය වෙනුවෙන් දිවි පිදූ සහ සේවයේ නියුතු සෙබලුන් හට ආශිර්වාද පතා බෝධි පූජා පිංකමක් සංවිධානය කරනු ලැබීය. මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන මූලදීප විහාරයේ පැවති එම බෝධි පූජා වැඩසටහන සහ ධර්ම දේශණය බුද්ධංගල රජමහා විහාරයේ ප්‍ර‍ධාන සංඝණායක පූජ්‍ය පානලියේ ආරියරතන හිමි විසින් පවත්වනු ලැබීය. මෙම අවස්ථාව සඳහා මේජර් ජෙනරාල් විතානගේ සමගින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් බොහෝ පිරිසක් සහභාගි වූහ. jordan Sneakers | Men Nike Footwear