Header

Sri Lanka Army

Defender of the Nation

25th February 2016 02:55:48 Hours

5 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය වෙත නව වාහන අංගනයක්

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 5 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායෙහි නව බර වාහන අංගනය සහ අණදෙන නිලධාරි නිවස්නය විවෘත කිරීම පසුගියදා සිදු කෙරිනි. බදාදා (17) දින පැවති මෙම උත්සවය සඳහා ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි වන්නි ආරක්ෂක මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා බලඇණි මූලස්ථානයේ දී හමුදා සම්ප්‍ර‍දායානුකූලව හරසරින් පිළිගනු ලැබුවේ සම්මාන මුරයක් ද පිරිනමමිනි. අභිනවයෙන් ඉදි කළ අණදෙන නිලධාරි නිවස්නය විවෘත කිරිමෙන් අනතුරුව 5 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායෙහි සෙබලුන් විසින් අලුත්වැඩියා කළ මෙම නව වාහන අංගනයෙහි ප්‍ර‍දර්ශනය සඳහා ගාල් කර තිබූ ට්‍රැක්ටර් 25 ක්, යතුරු පැදි 11 ක්, සැහැල්ලු වාහන 5 ක් සහ බර වාහන 2 ක් ද වන්නි ආඥාපති විසින් පරික්ෂා කරන ලදි. අනතුරුව වන්නි ආඥාපතිවරයා සෙබලුන් ඇමතූ අතර, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් පී.එස්.ආර්.එල් රාජකරුණා ඇතුළු නිලධාරීන් සහ සෙසු නිලයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. short url link | Nike Air Max 270