Header

Sri Lanka Army

Defender of the Nation

23rd February 2016 23:03:51 Hours

නව යාන්ත්‍රික පාබල රෙජිමේන්තු අධිපති සිය ධුරයෙහි රාජකාරී අරඹයි

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවෙහි නව රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරාල් ජී.ඩී.එච්.කේ ගුණරත්න බ්‍ර‍ස්පතින්දා (18) දින පෙරවරුවෙ හි දඹුල්ල, දඹුලුහල්මිල්ලෑව හි පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ පැවති චාම් උත්සවයක දී නව ධුරයෙහි රාජකාරී භාරගනු ලැබීය. මේජර් ජෙනරාල් ජී.ඩී.එච්.කේ ගුණරත්න නව කාර්යාලයේ දී සිය ධුරයෙහි රාජකාරී භාර ගැනීමේ ලිපි ලේඛණ සඳහා නිල වශයෙන් අත්සන් කරනු ලැබීය. අනතුරුව යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සෙබලුන් විසින් හමුදා සම්ප්‍ර‍දායානුකූලව ආචාර සම්මාන මුරයක් සහ සම්මාන පෙලපාලියක් ද නව රෙජිමේන්තු අධිපති වෙත පිරිනමනු ලැබීය. මෙම අවස්ථාව සඳහා යාන්ත්‍රික පාබල රෙජිමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් බොහෝ පිරිසක් සහභාගි වූහ. buy shoes | Nike Shoes