Header

Sri Lanka Army

Defender of the Nation

23rd February 2016 23:01:37 Hours

නික්ම යනු ලැබූ යාන්ත්‍රික පාබල රෙජිමේන්තු අධිපති වෙත හමුදා ආචාර

නික්ම යනු ලැබූ යාන්ත්‍රික පාබල රෙජිමේන්තු හිටපු අධිපති මේජර් ජෙනරාල් ඒ.එම් පෙරේරා හට බදාදා (17) දින එම රෙජිමේන්තු භට පිරිස් විසින් දඹුලුහල්මිල්ලෑවෙහි පිහිටි යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මූලස්ථානයේ දී හමුදා ආචාර පිරිනමනු ලැබීය. ඒ අනුව හෙතෙම යාන්ත්‍රික පාබල රෙජිමේන්තු භට පිරිස් විසින් හමුදා සම්ප්‍ර‍දායානුකූලව ආචාර සම්මාන මුරයක් සහ සම්මාන පෙලපාලියක් පිරිනැමීය. එමෙන්ම එදින නික්ම යනු ලැබූ රෙජිමේන්තු අධිපති විසින් යාන්ත්‍රික පාබල රෙජිමේන්තු නවතමයෙන් ඉදිකල බලලත් නිලධාරී නිවස්නය ද විවෘත කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා යාන්ත්‍රික පාබල රෙජිමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් බොහෝ පිරිසක් සහභාගි වූහ.Nike shoes | Sneakers