Header

Sri Lanka Army

Defender of the Nation

23rd February 2016 22:58:48 Hours

කිළිනොච්චියේ දී අන්තරායකාර ඖෂධ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක්

කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන භට පිරිස් විසින් යුද හමුදාපතිතුමාගේ සහ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ සෘජු අධීක්ෂණයෙන් අන්තරායකාර ඖෂධ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා සංවිධානය කරනු ලැබීය. එම භට පිරිස් විසින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහන පෙබරවාරි මස (18-19) යන දිනයන්හි දි කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන නෙළුම්පියස ශ්‍ර‍වණාගාරයේ දී පැවැත්වුනු අතර, 65 සහ 66 යන සේනාංකයන් හි මෙම වැඩසටහන පළමුව දියත් කරනු ලැබීය. මෙම වැඩසටහනේ දී මත්ද්‍ර‍ව්‍ය භාවිතය වැළකීම පිළිබඳව දේශණ පවත්වනු ලැබීය. මෙම වැඩසටහන් සඳහා හමුදා සාමාජිකයින් 600 කට අධික පිරිසක් සහභාගි වූහ. එම වැඩසටහන් සඳහා කොළඹ මධ්‍යසාර සහ ඖෂධ තොරතුරු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිලධාරී ඉන්දික රාජපක්ෂ මහතා සහ මහේෂ් නිශ්ශංක මහතා සහභාගි වූහ. Sneakers Store | Hats to Match Jordans Hyper Royal Bulls Hat