Header

Sri Lanka Army

Defender of the Nation

23rd February 2016 14:01:33 Hours

නැවත තම මව්රටට පැමිණි යුද හමුදා වෙඩික්කරුවන් ජ්යෙදෂ්ඨ නිලධාරින් විසින් පිළිගනියි

ඉන්දියාවේ පැවති 12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා යුද හමුදා වෙඩික්කරුවන් සිය කුසලතා ඉදිරිපත් කරමින් රිදී පදක්කම් 4 ක් (කණ්ඩායම්), ලෝකඩ පදක්කම් 10 ක් (කණ්ඩායම්) සහ තවත් ලෝකඩ පදක්කමක් (ඒකල) හිමි කර ගන්නා ලදි. ඔවුන් පිළිගැනීම සඳහා බ්‍ර‍හස්පතින්දා (18) දින යුද හමුදා වෙඩිතැබිම් ක්‍රීඩා කමිටු සභාපති බ්‍රිගේඩියර් එන්.ඩි.එස්.පී.නිවුන්හැල්ල ඇතුළු යුද හමුදා ක්‍රීඩා මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ. ඉන්දියාව, පාකිස්තානය, බංගලාදේශය, මාලදිවයින, නේපාලය හා භූතානය යන රටවල්හි තරඟකරුවන් අතුරින් බලලත් නිලධාරි II එස්.එම්.එම්. සමරකොන් 3 x 40 රයිෆල් වෙඩි තැබිම (ඒකල) තරඟ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය. තවද, කණ්ඩායම් මට්ටමින් යුද හමුදා වෙඩික්කරුවන් විදේශිය තරඟ ඉසව්වකට සහභාගි වී ප්‍ර‍ථමවරට රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 10 මෙහිදි ජයග්‍ර‍ණය කරන ලදි.Running sport media | NIKE Chaussures, Sacs, Vetements, Montres, Accessoires, Accessoires-textile, Beaute, Sous-vetements - Livraison Gratuite