Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
20th February 2016 21:55:26 Hours
දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ යුද හමුදා පදක්කම්ලාභීන් උපහාරයෙන් පිදුම් ලබයි
දකුණු ආසියානු ක්‍රීඩා උළෙලක දී ප්‍රථම වරට වැඩිම පදක්කම් ප්‍රමාණයක් දිනා ගනු ලැබූ යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට උපහාර පිරිනැමීමේ උත්සවයක් අද (20) පෙරවරුවේ නාරාහේන්පිට යුද හමුදා රෝහල් ශ්‍රවනාගාරයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිලවාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය. 12 වන දකුණු ආසියා ක්‍රීඩා උළෙලේ ඒකළ හා කණ්ඩායම් වශයෙන් තරඟ වැදී (රන් පදක්කම් 5, රිදී පදක්කම් 21 සහ ලෝකඩ පදක්කම් 28) ඇතුළු පදක්කම් 54 ක් ලබා ගනිමින් ශ්‍රී ලකා යුද හමුදාවට මෙන්ම මව්බිම වෙනුවෙන් කීර්තියක් ලබාදුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 65 දෙනා හට එම සුවිශේෂී ජයග්‍රණ වෙනුවෙන් නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, සමගින් ජ්‍යෙෂ්ඨ නිළධාරීන් විසින් ඇගයීමට ලක් කර ඇත. ක්‍රීඩා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ මෙම උපහාර උළෙලේ දී රන් පදක්කම්ලාභීන් සඳහා එක් අයෙකුට රු. 150,000.00, රිදී පදක්කම්ලාභීන් සඳහා රු. 100,000.00, ලෝකඩ පදක්කම්ලාභීන් සඳහා රු. 75,000.00, බැගින් ද කණ්ඩායම් රිදී පදික්කම්ලාභීන් සඳහා රු. 75000.00 සහ ලෝකඩ පදක්කම්ලාභීන් සඳහා රු. 40000.00 බැගින් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිවා රෑ නොබලා වෙහෙස වී පුහුණු කල පුහුණු කරුවන් හට රු.1,279,500.00 ක මුදලක් මුල්‍යමය ත්‍යාග වශයෙන් පිරිනමා ඇත. යුද හමුදාපතිතුමන් පැමිණ සිටි පිරිස අමතමින් කියා සිටියේ ක්‍රීඩාව සඳහා වයස් බේදයක් නොමැති බවත්, එය ජීවිත කාලය තුරා පවතින්නක් බවත්ය. එහි උසස් ප්‍රතිඵල ලබා ගැනීමට නම් නොකඩවා පුහුණුවීම්වල යෙදෙමින් කැපීවීමෙන් කටයුතු කල යුතු බවත්ය. මෙම කරුණූ සපුරාලීමට ක්‍රීඩා පුහුණූ කටයුතු සඳහා සුසන්තිකා ජයසිංහ මිය වැනි අයගේ සහය ලබා ගැනීමේ අවශ්‍යතාවය ද සඳහන් කළේය. එමෙන්ම මෙම උපහාර උළෙල අමතමින් යුද හමුදාපතිතුමා ඔවුන්ගේ ජයග්‍රහණය මගින් යුද හමුදාවේ කීර්තිය තව තවත් වර්ධනය වන බවත් අවධාරණය කල අතර, අනාගතයේ ක්‍රීඩාව පිළිබඳව බලාපොරොත්තුවේ දෑස් දල්වාගත හැකි බවද සදහන් කළේය. තවද යුද හමුදාපතිතුමා මෙම අවස්ථාව අමතමින් යුද හමුදාවේ කීර්තියට සහ රටට ලබා දුන් ගෞරවය උදෙසා කල කැපවීම වෙනුවෙන් ඔවුන් ගේ නිළ උසස්කිරීම් සිදු කරන බවත්, ඔවුන් මෙම ජයග්‍රහණ මගින් දකුණු ආසියානු කලාපයේ දක්ෂයන් අතර දක්ෂයන් බවට පත්වීම පිළිබඳව තමන් අති මහත් සතුටට පත්වන බවත් වැඩිදුරටත් පවසා සිටියහ. මෙම සියලු ක්‍රීඩකයින් සඳහා රුපියල් මිලියන 6.85 ක් ප්‍රදානය කරනු ලැබූ අතර, යුද හමුදා ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා කුසලතා සඳහා එකවර ප්‍රදානය කරනු ලැබූ විශාලම මුදල මෙය වේ. මෙම උපහාර උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහ සම්භාවණීය ආරාධිත අමුත්තන් පැමිණීමත් සමඟම උපහාර උළෙල ආරම්භ විය. උත්සවයේ පළමු අදියරේ දී ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් එච්.සී.පී ගුණතිලක සහ නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරී මේජර් ජෙනරල් මිලින්ද පීරිස් විසින් ලෝකඩ පදක්කම් සහ රිදී පදක්කම්ලාභීන් සඳහා තාග්‍ය පිරිනමනු ලැබීය. අනතුරුව යුද හමුදාපතිතුමා විසින් රන් පදක්කම්ලාභීන් සහ පුහුණුකරුවන් වෙත මුල්‍යමය ත්‍යාග පිරිනමමින් ඔවුන් හට සුභ පැතුම් ද එක් කළහ. උත්සවය අවසානයේ පැවති තේ පැන් සංග්‍රහය අතරතුර යුද හමුදාපතිතුමා පදක්කම්ලාභීන් සමගින් සුහද කතා බහක යෙදෙමින් ඔවුන්ට සුභ පැතීය. රංග කලා අධ්‍යක්ෂ මණ්ඩලයේ ශිල්පීන් විසින් එම උළෙල තව තවත් වර්ණවත් කරනු ලැබීය. මෙම උපහාර උළෙල සඳහා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් එස්.ආර් මානවඩුගේ, අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් බී.ඒ පෙරේරා, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් එන් උඩවත්ත, හමුදා ලේකම් මේජර් ජෙනරාල් එන්.ජේ වල්ගම, ආරක්ෂක සේනා මූළස්ථාන ආඥාපතිවරුන්, ක්‍රීඩා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජී.ජේ.ඒ.ඩබ් ගලගමගේ සමගින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සිවිල් නිළධාරීන් බොහෝ පිරිසක් සහභාගි වූහ. එමෙන්ම මෙම අවස්ථාව සඳහා ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය, යුද හමුදා ක්‍රීඩා පුහුණුකරුවන්, යුද හමුදා ක්‍රීඩා උපදේශකවරුන්, යුද හමුදා විශ්‍රාමික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමගින් ක්‍රීඩා අමාත්‍යාංශයේ නිළධාරීන් ද සහභාගි වූහ. දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම්ලාභීන්ගේ විස්තර පහතින් දැක්වේ;
Sports brands
|
Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf