Header

Sri Lanka Army

Defender of the Nation

19th February 2016 17:10:05 Hours

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය තවත් පුහුණුවීම් දිනයක් පවත්වයි

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් එම ආරක්ෂක සේනා මූළස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතාන ගේ උපදෙස් මත බදාදා (17) දින තවත් පුහුණුවීම් දිනයක් එම මූලස්ථාන පරිශ්‍රයේ පවත්වනු ලැබීය. මෙම අවස්ථාවෙහි පැවති දේශණ සඳහා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් පාලන සහ භඨකාර්ය බ්‍රිගේඩියර් ඩී.එස්.ඒ දෙහිවත්ත සමගින් මාණ්ඩලික නිලධාරීන් සහභාගි වූහ. මෙවර පුහුණුවීම් දිනයේ “සමාජ ආචාර ධර්ම” පිළිබඳව දේශණය ශ්‍රී ලංකා පාබල හමුදාවේ කපිතන් එන්.ඩබිලිව්.එම් නිරෝෂන් විසින් සිදු කළ අතර, “ජාතික ධජය” පිළිබඳව දේශණය ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ ලුතිතන් එච්.ඒ.ඩී.ආර් හෙට්ටිආරච්චි විසින් සිදු කරන ලදී. මෙම අවස්ථාව සඳහා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඉදිරි නඩත්තු පෙදෙසෙහි රාජකාරී නියුතු නිලධාරීන් 60 කට අධික පිරිසක් සහභාගි වූහ. spy offers | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp