Header

Sri Lanka Army

Defender of the Nation

17th February 2016 18:02:27 Hours

47 වන යුද හමුදා මාණ්ඩලික ප්‍ර‍ධානී සිය ධූරයෙහි රාජකාරී අරඹයි

නව යුද හමුදා මාණ්ඩලික ප්‍ර‍ධානී ලෙස පත් වූ මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අද (17) දින පෙරවරුවේ ආගමික ආශිර්වාද මධ්‍යයේ නිළ කාර්යාලයේ පැවති චාම් උත්සවයකින් සිය ධූරයෙහි රාජකාරී භාර ගනු ලැබීය. ශ්‍රී ලංකා යුද හමුදාවේ 47 වන මාණ්ඩලික ප්‍ර‍ධානී වන ඔහු මීට පෙර ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති ධුරය ද හොබවා ඇත. එම අවස්ථාවේ පූජ්‍ය කොස්ගොඩ සිරිවිමල නායක හිමි සහ ගංඟාරාමයේ පූජ්‍ය කිරින්දේ අස්සජී හිමි ඇතුළු මහා සංඝ රත්නය විසින් ආගමික වතාවත් සිදු කර පිරිත් සජ්ජායනා කරනු ලැබීය. පැවති ආගමික වතාවත්වලින් අනතුරුව මේජර් ජෙනරාල් පීරිස් විසින් නව ධූරයෙහි රාජකාරී කටයුතු භාර ගැනීමේ ලිපි ලේඛණවලට අත්සන් කරන ලදී. මෙම අවස්ථාව සඳහා මුල්‍ය කළමණාකරන අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ආර්.වි. උඩවත්ත, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත, යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් එන්.ජේ. වල්ගම සහ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍ර‍ධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් බි.ඒ. පෙරේරා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සහභාගි වූහ. ඔහු යුද හමුදාවේ වසර 35 කට වැඩි කාලයක් සේවය කර ඇත. 1980 දී කැඩෙට් නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක් වූ මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, ඉන්දියාවේ මදුරාසි නිලධාරී පුහුණු පාසල මඟින් මූලික පුහුණුව හැදැරීමෙන් අනතුරුව 2 වන ලුතිතන්වරයෙකු ලෙස 1 වන ශ්‍රී ලංකා යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකායට අනුයුක්ත වූ අතර, ඔහු නව දිල්ලි - ජාතික ආරක්ෂක විද්‍යාලය, බංගලාදේශ අණ සහ මාණ්ඩලික විද්‍යාලයෙන් උපාධි පාඨමාලාව මෙන්ම බංගලාදේශ සන්නාහ සන්නද්ධ පුහුණු පාසල සහ ඇමරිකා එක්සත් ජනපදයෙහි කෙන්ටකි හි ෆෝර්ට් නොක්ස් (Fort Knox) විද්‍යාලයෙහි ද වැඩිදුර පුහුණුව ලබා ඇත. එමෙන්ම ඔහු ඉන්දියාව සහ පකිස්තානය යන රටවල්හි ද වැඩිදුර හමුදා පුහුණුව ලබා ඇත. ඔහු යුක්රේනය බලාගිය තාක්ෂණික හමුදා දූත පිරිසේ ප්‍ර‍ධානියෙකු වන අතර, රුසියාව, යුක්රේනය හා චෙක් ජනරජයේ සංචාරය කළ තාක්ෂණික හමුදා නියෝජිත කණ්ඩායමේ සාමාජිකයෙකු ද වේ. මේජර් ජෙනරාල් මිලින්ද හමුදාපති ලේකම් කාර්යාලයේ දී යුද සේවා සහකාර වූ අතර, යුද සේවා ලේකම් ශාඛාවේ මාණ්ඩලික නිලධාරී 1ලෙස ද රාජකාරී කර ඇත. ඔහු ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 5 වන රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලෙස ද කටයුතු කරන ලදි. එසේම ඔහු ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨයේ කෙඩෙට් නිළධාරින්ගේ අණදෙන නිළධාරී ලෙස ද කටයුතු කළේය. ඉන් අනතුරුව ඔහු 561 සහ 232 වන පාබළ බලඇණිවල බලසේනාධිපති ලෙස සහ ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත්වල පිහිටි ඕමන්තෙයි සහ වාලච්චේන ප්‍රදේශයන්හි සම්බන්ධීකරණ නිළධාරී ලෙස ද කටයුතු කර ඇත. එමෙන්ම ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා, යුද හමුදා, නාවික හමුදා සහ ගුවන් හමුදා උපදේශක ලෙස ද කටයුතු කරන ලදී. ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ මෙහෙයුම් අධ්‍යක්ෂක ලෙස ද කටයුතු කරන ලදී. නැගෙනහිර මුදා ගැනිමේ මෙහෙයුමවල දී ත්‍රිකුණාමලය 22 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කරන ලදි. ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ උසස් හමුදා අධ්‍යයනය නිම කිරීමෙන් අනතුරුව ඔහු ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති ලෙස පත් විය. ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස ද, යුද හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් ලෙස ද රාජකාරී කරන ලදි. එමෙන්ම මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා තත්ත්ව සහතික සහ විශ්ව විද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මොරටුව විශ්ව විද්‍යාල සභාව, ජාත්‍යන්තර සබඳතා හා ක්‍රමෝපායික අ‍ධ්‍යයනය පිළිබඳ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයෙහි කළමනාකරණ මණ්ඩලයේ සහ ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ කළමනාකරණ මණ්ඩලයේ හි සාමාජිකයෙකු ද වේ. එමෙන්ම ඔහු ශ්‍රීමත් ජෝන් කොතලාවල අනුස්මරණ අරමුදලේ සභාපති ලෙස කටයුතු කරයි. තවද, මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ වත්මන් කර්නල් සේනාවිධායක වන අතර, මෙම තනතුරට පත් කිරීමට පෙර ඔහු අවුරුදු හතරක්ම යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලෙස ද කටයුතු කළේය. මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් වෙත පසුගියදා "අධ්‍යාපන විශිෂ්ට දායකත්වය සඳහා වන සම්මානය" ද ප්‍රදානය කරන ලදී. මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මදුරාසි විශ්ව විද්‍යාලය විසින් පිරිනමන දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත්, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාව සහ ඉන්දියාවේ ඉන්දුර් විශ්ව විද්‍යාලයෙන් ජ්‍යෙෂ්ඨ ආරක්ෂක කළමනාකරණ ඩිප්ලෝමාව ද ලබාගෙන ඇත. ඔහු කළ සේවය අගයමින් රණ වික්‍රම පදක්කම (ආර්ඩබ්පි), රණ ශූර පදක්කම (ආර්එස්පි) සහ උත්තම සේවා පදක්කමෙන් (යූඑස්පී) පිදුම් ලබා තිබේ. මේජර් ජෙනරාල් මිලින්ද වෘත්තියෙන් නීතිඥවරියක් වන නිලංජනී මහත්මිය සමග විවාහ වී ඇති අතර, ඔවුනට මලික් සහ අවිනාෂ් නමින් පුතුන් දෙදෙනෙකු වේ.latest Running Sneakers | Nike Air Max