Header

Sri Lanka Army

Defender of the Nation

16th February 2016 21:01:50 Hours

බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයෙන් තවත් එක් ස්වභාව සංරක්ෂණ ව්‍යාපෘතියක්

බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපතිගේ අධීක්ෂණයෙන් 58 වන පාබල සේනාංකයෙහි ස්ථාපිත 581 බලසේනාවේ සෙබලුන් විසින් “ස්වභාව සංරක්ෂණ ව්‍යාපෘතිය” යටතේ තවත් රුක්රෝපණ වැඩසටහනක් ආරම්භ කරනු ලැබීය. පරිසරය අලංකරණය කිරීම සහ බස්නාහිර, වයඹ, දකුණු සහ සබරගමුව පළාත්වල අලංකාර තුරුලතා සහිත වනාන්තර ප්‍ර‍දේශ වැඩි කිරීම මගින් දූෂණය අඩු කිරිම මෙම ව්‍යාපෘතියේ අරමුණ විය. ඒ අනුව මෙම වැඩසටහන අඟහරුවාදා (16) දින බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් එස් රණසිංහගේ අධීක්ෂණය යටතේ ඇල්පිටිය මධ්‍යම අමුණුගොඩ ප්‍රදේශයෙන් ආරම්භ විය. මෙම ප්‍ර‍ධාන වැඩසටහන ආවරනය කරමින් පළතුරු පැළ 80 ක් සිසුන් ඇතුලු අධ්‍යාපන, පාරිසරික සහ වන සංරක්ෂණ නිලධාරීන් මෙන්ම යුද හමුදා නිලධාරින් සහ භට පිරිස් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් රෝපණය කරනු ලැබීය. එමෙන්ම, මෙම වැඩසටහන යටතේ පළතුරු පැළ 900 ක් දකුණු ප්‍ර‍දේශයේ පාසල් 12 ක පාසල් පරිශ්‍ර‍ය තුල 581 වන බල සේනාවේ සෙබලුන්ගේ අධීක්ෂණය මත රෝපණය කරන ලදී. ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්ෂ, දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී, ඇල්පිටිය පොලිස් අධිකාරී, ගාල්ල දිස්ත්‍රික්කයේ වන සංරක්ෂණ නිලධාරී, පාසල් විදුහල්පතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකු ද මීට එක්ව සිටියහ. මෙම ව්‍යාපෘතිය 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.සී. ගුණවර්ධනගේ සහ 581 බලසේනාවේ බලසේනාධිපති කර්නල් එන්.කේ.එල්.එස්.ආර්. ඩයස් ගේ අධික්ෂණය මත 2 වන (සෙව්) ගැමුණු හේවා බලකායේ, 3 වන (සෙව්) ගැමුණු හේවා බලකායේ, 4 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ සහ 5 වන ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායේ භට පිරිස් විසින් සිදු කරනු ලදි.latest Nike release | Air Jordan 1 Retro High OG University Blue - Gov