Header

Sri Lanka Army

Defender of the Nation

15th February 2016 19:42:33 Hours

මහජන සත්කාරවලට 11 වන සේනාංකයේ සහයෝගය

මධ්‍යම අආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 11 වන සේනාංකයේ සෙබලු තම සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.එස්.එන්.කේ සේනාධීරගේ උපදෙස් හා මග පෙන්වීම මත විවිධ ප්‍රදේශවල පෙබරවාරි 9 - 11 දිනයන් දක්වා මහජන සත්කාරක සේවාවන් දියත් කරනු ලැබීය. ඒ අනූව අඟහරුවාදා (09) දින 111 බල සේනාවට අයත් 2 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් බෝවලවත්ත ළමා නිවාසය පිරිසිදු කිරීමේ ශ්‍ර‍මදානයක් දියත් කළේ එහි පාලිකාවගේ ඉල්ලීම පරිදිය එහි ගෙමිදුලේ සහ අවට භූමියේ පැවති කැළිකසල ඉවත් කොට එම ළමා නිවාසය ප්‍ර‍තිසංස්කරණය කිරීමට මෙම සෙබලු ක්‍රියා කලහ. එමෙන්ම බදාදා (10) දින 1 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ සෙබලු තම ශ්‍ර‍මදායකත්වයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි උකුවෙල, රයිතලාවෙල ශ්‍රී සුමංගලාරාම විහාරය පිරිසිදු කළේ විහාරාධිපති ස්වාමින් වහන්සේගේ ඉල්ලීම පරිදිය. මෙම දෙපාර්ශවය යුද හමුදාව ඉටු කළ ඉහත සත්ක්‍රියාවන් වෙනුවෙන් තම ස්තූතිය පිරිනැමීය.Asics shoes | adidas Yeezy Boost 700 , Ietp