Header

Sri Lanka Army

Defender of the Nation

15th February 2016 19:38:37 Hours

සිය කාර්යභාරය පිළිබඳ සැරයන් මේජර්වරු දැනුවත් කිරීමක

කිලිනොච්චි ප්‍රදේශයේ පිහිටි අම්පකාමම් විස්ඩම් පුහුණු පාසලේ දී එම ප්‍රදේශයේ රාජකාරියේ නියුතු රෙජිමේන්තු සැරයන් මේජර්වරු වෙත ඔවුන්ගේ වගකීම් සිහිපත් කරමින් වැඩමුළුවක් පැවැත්වීය. එහි ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ උපදෙස් පරිදි කිලිනොච්චි ප්‍රදේශයේ රාජකාරී කරනු ලබන මෙම කොමිෂන් නොලත් නිලධාරීන් වෙත තම කාර්යභාරය පෙන්වාදීමට කටයුතු කෙරුනු අතර, 65 වන සේනාංකයේ සේනාංකාධිපති අවසන් දේශනය පැවැත්වීය. පෙබරවාරි 8 - 12 දින දක්වා සිවු දිනක් පුරා පැවති වැඩමුළුවට සහභාගිවූවන් සඳහා සහතිකපත් ප්‍ර‍දානය අවසන් දින පැවති චාම් උත්සවයක දී සිදු කෙරිනි. Sports Shoes | Nike Shoes, Sneakers & Accessories