Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
13th February 2016 16:25:13 Hours
මේජර් ජෙනරාල් මිලින්ද පිරිස් යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානි ලෙස පත් වේ
ජෙනරාල් ශ්‍රී ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් ආර්ඩබ්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී 2016 පෙබරවාරි මස 12 වන දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානි ලෙස පත්විය. ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් ජෙනරාල් මිලින්ද පිරිස් යුද හමුදාවේ වසර 35ක විශිෂ්ඨ සේවා කාලයක් සපුරා ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. එමෙන්ම මේජර් ජෙනරාල් මිලින්ද පිරිස් යුද හමුදාවේ 47 වන මාණ්ඩලික ප්‍රධානි වන අතර, එම තනතුර ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙවෙනි ඉහළම තනතුර වේ. නව මාණ්ඩලික ප්‍රධානි පිළිබඳ කෙටි විස්තරයක් පහතින් දැක්වේ 1980 දී කැඩෙට් නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක් වූ මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, ඉන්දියාවේ මදුරාසි නිලධාරී පුහුණු පාසල මඟින් මූලික පුහුණුව හැදැරීමෙන් අනතුරුව 2 වන ලුතිතන්වරයෙකු ලෙස 1 වන ශ්‍රී ලංකා යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකායට අනුයුක්ත වූ අතර, ඔහු නව දිල්ලි - ජාතික ආරක්ෂක විද්‍යාලය, බංගලාදේශ අණ සහ මාණ්ඩලික විද්‍යාලයෙන් උපාධි පාඨමාලාව මෙන්ම බංගලාදේශ සන්නාහ සන්නද්ධ පුහුණු පාසල සහ ඇමරිකා එක්සත් ජනපදයෙහි කෙන්ටකි හි ෆෝර්ට් නොක්ස් (Fort Knox) විද්‍යාලයෙහි ද වැඩිදුර පුහුණුව ලබා ඇත. එමෙන්ම ඔහු ඉන්දියාව සහ පකිස්තානය යන රටවල්හි ද වැඩිදුර හමුදා පුහුණුව ලබා ඇත. ඔහු යුක්රේනය බලාගිය තාක්ෂණික හමුදා දූත පිරිසේ ප්‍රධානියෙකු වන අතර, රුසියාව, යුක්රේනය හා චෙක් ජනරජයේ සංචාරය කළ තාක්ෂණික හමුදා නියෝජිත කණ්ඩායමේ සාමාජිකයෙකු ද වේ. මේජර් ජෙනරාල් මිලින්ද හමුදාපති ලේකම් කාර්යාලයේ දී යුද සේවා සහකාර වූ අතර, යුද සේවා ලේකම් ශාඛාවේ මාණ්ඩලික නිලධාරී 1ලෙස ද රාජකාරී කර ඇත. ඔහු ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 5 වන රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලෙස ද කටයුතු කරන ලදි. එසේම ඔහු ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨයේ කෙඩෙට් නිළධාරින්ගේ අණදෙන නිළධාරී ලෙස ද කටයුතු කළේය. ඉන් අනතුරුව ඔහු 561 සහ 232 වන පාබළ බලඇණිවල බලසේනාධිපති ලෙස සහ ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත්වල පිහිටි ඕමන්තෙයි සහ වාලච්චේන ප්‍රදේශයන්හි සම්බන්ධීකරණ නිළධාරී ලෙස ද කටයුතු කර ඇත. එමෙන්ම ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා, යුද හමුදා, නාවික හමුදා සහ ගුවන් හමුදා උපදේශක ලෙස ද කටයුතු කරන ලදී. ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ මෙහෙයුම් අධ්‍යක්ෂක ලෙස ද කටයුතු කරන ලදී. නැගෙනහිර මුදා ගැනිමේ මෙහෙයුමවල දී ත්‍රිකුණාමලය 22 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කරන ලදි. ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ උසස් හමුදා අධ්‍යයනය නිම කිරීමෙන් අනතුරුව ඔහු ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති ලෙස පත් විය. ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස ද, යුද හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් ලෙස ද රාජකාරී කරන ලදි. එමෙන්ම මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා තත්ත්ව සහතික සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මොරටුව විශ්ව විද්‍යාල සභාව, ජාත්‍යන්තර සබඳතා හා ක්‍රමෝපායික අධ්‍යයනය පිළිබඳ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයෙහි කළමනාකරණ මණ්ඩලයේ සහ ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ කළමනාකරණ මණ්ඩලයේ හි සාමාජිකයෙකු ද වේ. එමෙන්ම ඔහු ශ්‍රීමත් ජෝන් කොතලාවල අනුස්මරණ අරමුදලේ සභාපති ලෙස කටයුතු කරයි. තවද, මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ වත්මන් කර්නල් සේනාවිධායක වන අතර, මෙම තනතුරට පත් කිරීමට පෙර ඔහු අවුරුදු හතරක්ම යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලෙස ද කටයුතු කළේය. මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් වෙත පසුගියදා "අධ්‍යාපන විශිෂ්ට දායකත්වය සඳහා වන සම්මානය" ද ප්‍රදානය කරන ලදී. මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මදුරාසි විශ්ව විද්‍යාලය විසින් පිරිනමන දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත්, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාව සහ ඉන්දියාවේ ඉන්දුර් විශ්ව විද්‍යාලයෙන් ජ්‍යෙෂ්ඨ ආරක්ෂක කළමනාකරණ ඩිප්ලෝමාව ද ලබාගෙන ඇත. ඔහු කළ සේවය අගයමින් රණ වික්‍රම පදක්කම (ආර්ඩබ්පි), රණ ශූර පදක්කම (ආර්එස්පි) සහ උත්තම සේවා පදක්කමෙන් (යූඑස්පී) පිදුම් ලබා තිබේ. මේජර් ජෙනරාල් මිලින්ද වෘත්තියෙන් නීතිඥවරියක් වන නිලංජනී මහත්මිය සමග විවාහ වී ඇති අතර, ඔවුනට මලික් සහ අවිනාෂ් නමින් පුතුන් දෙදෙනෙකු වේ.
Sport media
|
Men's Footwear