Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
13th February 2016 16:24:16 Hours
යුද හමුදා නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා පත් වේ
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් ඒ.කේ.එස්. පෙරේරා 2016 පෙබරවාරි මස 16 සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා යුද හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස පත්විමට නියමිතය. වැඩි දෙනෙකු අතර ‘සුමේධ’ නමින් හැඳින්වෙන මේජර් ජෙනරාල් පෙරේරා, ගජබා රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කරන අතර, වෘත්තිමය සේවා කාලය වසර 35 කට වැඩි වේ. නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස රාජකාරි කරන මේජර් ජෙනරාල් ඊ.එම්.එම්. අඹන්පොල විශ්‍රාම යෑමට නියමිත බැවින් මේජර් ජෙනරාල් පෙරේරා එම තනතුරට පත් කොට ඇත. මේජර් ජෙනරාල් ඒ.කේ.එස්. පෙරේරා පිළිබඳ කෙටි විස්තරයක් පහතින් දැක් වේ මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ ශ්‍රී ලංකා යුද හමුදා ගජබා රෙජිමේන්තුවේ නිලධාරියෙකි. මදුරාසි - ඉන්දීය නිලධාරි පුහුණු පාසලෙන් සහ ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨයෙන් මූලික නිලධාරි කෙඩෙට් පුහුණුව අවසන් කළ අතර, ඔහු මුලින්ම 1981 වසරේ දී රජරට රයිෆල් රෙජිමේන්තුවට ඇතුලත් කළ අතර, ඉන් අනතුරුව 1983 දී ගජබා රෙජිමේන්තුවට අනුයුක්ත කරන ලදි. මේජර් ජෙනරාල් ඒ.කේ.එස්. පෙරේරා වඩමාරච්චි සිට එල්ටිටිඊ යට එරෙහිව පවත්වන ලද යුද මෙහෙයුම් සියල්ලකටම පාහේ ක්‍රියාකාරීව සහභාගී විය. මොහු ත්‍රිවිධ හමුදාවේ වැඩිම සම්මාන හිමි නිලධාරින් අතරට එක් වේ. ඔහු වෙත වීර වික්‍රම විභූෂණ පදක්කම (ඩබ්ඩබ්වි), රණ වික්‍රම පදක්කම (ආර්ඩබ්පි), රණ ශූර පදක්කම (ආර්එස්පි) උත්තම සේවා පදක්කම (යූඑස්පි) පිරිනමා ඇත. 1984 දී සටන් බිමේ දී මේජර් ජෙනරාල් පෙරේරා තුවාල ලැබීම හේතුවෙන් දේශ පුත්‍ර පදක්කමෙන් ද පිදුම් ලැබීය. ඔහු යුද හමුදා පුහුණු පාසලේ සහ පාබල පුහුණු පාසලේ සේනාවිධායක විය. මේජර් ජෙනරාල් පෙරේරා ආරක්ෂක අමාත්‍යාංශ හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ යුද හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂ ජනමාධ්‍ය ලෙසත් කටයුතු කරන ලද අතර, ඔහු 533 පාබල බලඇණියට මෙන්ම තවත් පාබල බලඇණි කිහිපයකට අණදීම සිදු කර ඇත. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ විධායක අධිකාරි, කොළඹ සමස්ත මෙහෙයුම් අණදෙන කර්නල් ප්‍රධාන මාණ්ඩලික, ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති, බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති, විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති, යුද හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික යන තනතුරු ද මේජර් ජෙනරාල් පෙරේරාගේ වෘත්තීය ජීවිතයේ වැදගත් සන්ධිස්ථාන විය. මේජර් ජෙනරාල් පෙරේරා කණිෂ්ඨ අණදීම් පාඨමාලාව, ජ්‍යෙෂ්ඨ නිලධාරී පාඨමාලාව, ඉන්දියාවේ පැරෂුට් පාඨමාලාව, පකිස්ථානයේ Mid-Career පාඨමාලාව හදාරා ඇති හෙතෙම 2000 වර්ෂයේ ශාන්තිකර මූලස්ථානයේ පැවැති ආපදා කළමනාකරණ සම්මන්ත්‍රණයට ද සහභාගි විය. එමෙන්ම ඔහු චින මහජන විමුක්ති හමුදා ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු ද වේ. ඔහුගේ පාසල් සමයේ සමස්ත ලංකා මට්ටමින් දක්ෂ ක්‍රීඩකයෙක් වන අතරම, විශිෂ්ට සංගීතඥයෙක් ද වේ. දැනට මේජර් ජෙනරාල් පෙරේරා මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ ආඥාපති ලෙස කටයුතු කරනු ලැබේ. මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා, හිමාෂිනි පෙරේරා මහත්මිය සමඟ විවාහ වි ඇති අතර, ඔවුනට දියණියක් සහ පුතෙකු වේ.
spy offers
|
Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK