Header

Sri Lanka Army

Defender of the Nation

13th February 2016 16:21:44 Hours

බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන සෙබලුන්ගේ දායකත්වයෙන් ලේ දන්දීමක්

58 වන සේනාංකය යටතේ ස්ථාපිත 583 බලසේනාවේ භට පිරිස් හා 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් එක්ව බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ මඟපෙන්විම මත පසුගිය බ්‍ර‍ස්පතින්දා (11) දින බිසෝවෙල පුරාණ විහාරස්ථානයේ දී ලේ දන්දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි. බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ අනුමැතිය මත 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.සි. ගුණවර්ධනගේ සහ 583 බලසේනාංකයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රන්දුල හත්නාගොඩගේ අධික්ෂණයෙන් පැවැත් වූ මෙම වැඩසටහන කෑගල්ල රෝහල් ලේ බැංකුවේ කාර්ය මණ්ඩලය විසින් මෙහෙයවනු ලැබීය. බෞද්ධ භික්ෂූන් හා සිවිල් වැසියන් විශාල පිරිසක් යුද හමුදාව සමග එක්ව මෙම ලේ දන්දිමේ ව්‍යාපාරය සඳහා දායකවිය.latest Nike Sneakers | adidas NMD Human Race