Header

Sri Lanka Army

Defender of the Nation

12th February 2016 21:45:53 Hours

මධ්‍යම සෙබලුන්ගෙන් ප්‍ර‍ජා ව්‍යාපෘති රැසක්

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සිදු කරනු ප්‍ර‍ජා වැඩසටහන් තව තවත් පුළුල් තරමින් එම ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 111 වන බළසේනාව යටතේ ස්ථාපිත 2 වන ශ්‍රී ලංකා රයිෆල් බලකා භට පිරිස් විසින් තවත් ශ්‍ර‍මදාන ව්‍යාපෘති දෙකක් පවත්වා ඇත. ඒ අනුව සෙනසුරාදා (6) දින අටබාගේ ශ්‍රී සංඝමිත්තා ආරාමයේ වැඩවසන භික්ෂුන් වහන්සේලාගේ සහ මෙහෙණින් වහන්සේලාගේ ඉල්ලීම පරිදි භට පිරිස් විසින් දිරාපත් වූ කොළ රොඩුවලින් වැසි තිබු එම ආරාමයේ වහළ පිළිසකර කිරීමට කටයුතු කරන ලදි. එහිදි භට පිරිස් විසින් ඉතා උනන්දුවෙන් හා භික්ෂුන් වහන්සේලා සමඟ සහයෝගයෙන් එම පිළිසකර කිරිමේ කටයුතුවල නිරිත විය. එමෙන්ම, මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 1 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භට පිරිස් විසින් හඳුන්මල්කඩුව ශ්‍රී සුමණතිස්ස දහම් පාසලේ දහම් පාසල් ගොඩනැගිල්ල හා වෛත්‍ය රාජයාණන් වහන්සේ වර්ණ ගැන්විම ද සිදු කරන ලදි. භට පිරිස් විසින් සිදුකල මෙම මහඟු කටයුත්ත පිළිබඳ ආරාමයේ සියලුම හිමිවරුන් ද සිය කෘතඥතාව පුද කරන ලදි. මෙම ව්‍යාපෘති සාර්ථකව ඉටු කිරිම සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුමේධ පෙරේරාගේ මඟපෙන්විම ද ලැබුණි.Running Sneakers | Women's Nike Superrep