Header

Sri Lanka Army

Defender of the Nation

11th February 2016 16:23:50 Hours

පොදු සේවා බලකා සෙබලුන්ගේ විවිධ පහසුකම් සමගින් නව ගොඩනැගිල්ලක් විවෘත කරයි

පනාගොඩ ශ්‍රී ලංකා යුද හමුදා පෙදු සේවා බලකා මූලස්ථානයෙහි නවතමයෙන් ඉදි කරනු ලැබූ පොදු සේවා බලකා වාහන සේවා ස්ථානයක්, සෙසු නිළ විවේකාගාරයක්, රූපවාහිනී නැරඹුම් මැදිරියක් සමඟින් අනෙකුත් පහසුකම් සහිත නව ගොඩනැගිල්ල පසුගියදා එම පරිශ්‍ර‍යේ දී විවෘත කරනු ලැබීය. පොදු සේවා බලකා නිළධාරී සහ සෙසු නිළයින්ගේ මෙම සේවා ස්ථාන විවෘත කිරීමේ අවස්ථාවෙහි ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා රෙජිමේන්තු බලකාධිපති මේජර් ජෙනරාල් එම්.එච්.පී මිහිදුකුලසූරිය සහභාගි විය. ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකා මූලස්ථාන පරිශ්‍රයේ දිගු කාලීන අවශ්‍යතාවක්ව පැවති මෙම සේවා ස්ථාන ඉදි කිරීම සඳහා මූල්‍යමය දායකත්වය එම බලකායේ සෙබලුන් විසින්ම සපයා ඇත. මෙම නව සේවා ස්ථානය නවීන උපකරණ වලින් සමන්විත වන අතර, එහි සියළුම වර්ගයේ සැහැල්ලු හා බර වාහන සේවා කිරිම් කටයුතු සිදු කළ හැක. නවතමයෙන් ඉදි කරන ලද රූපවාහිනී නැරඹුම් මැදිරිය සහ සෙසු නිළ විවේකාගාරය මෙන්ම සනීපාරක්ෂ පහසුකම් පද්ධතිය සඳහා මුල්‍යමය ආධාර දිවයින පුරා සිටින පොදු සේවා බලකා සෙබලුන් වගා කරනු ලබන ගොවිපලවල්වලින් ලැබෙන මූදල් වලින් වීම තවත් විශේෂත්වයකි. මෙම සේවා ස්ථානය සහ නව ගොඩනැගිල්ල විවෘත කරමින් මේජර් ජෙනරාල් එම්.එච්.පී මිහිදුකුලසූරිය පීත්ත පටිය කපනු ලැබීය. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, අණ දෙන නිළධාරීන්, නිළධාරීන් සහ සෙසු නිළයින් බොහෝ පිරිසක් සහභාගි වූහ. spy offers | Nike