Header

Sri Lanka Army

Defender of the Nation

10th February 2016 20:17:45 Hours

ලෙබනන් රාජ්‍යයේ රාජකාරී නියුතු ශ්‍රී ලංකා සහ කොරියානු හමුදා බලඇණි ආගමික වතාවත්වල

ලෙබනන්හි එක්සත් ජාතීන්ගේ සාම හමුදාවන්හි රාජකාරී නියුතු ශ්‍රී ලංකා සහ කොරියානු හමුදා බලඇණිවල නිළධාරීන් සහ සෙසු නිළයින් පසුගියදා ලෙබනන්හි එක්සත් ජාතීන්ගේ අතුරු හමුදා ශ්‍රී ලංකා බලඇණි මූලස්ථානයේ දී ආගමික වැඩසටහනක් පවත්වනු ලැබීය. ශ්‍රී ලංකා හමුදා ආරක්ෂණ ඒකක කණ්ඩායම විසින් ලෙබනන් හි රාජකාරී නියුතු ශ්‍රී ලංකා සහ කොරියන් බලඇණි සෙබලුන් සදහා සංවිධානය කරනු ලැබූ මෙම ආගමික වැඩසටහන සඳහා කොරියානු බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් වෙත ආරාධනා ලැබ තිබුනි. මෙම වැඩසටහන සඳහා සහභාගි වු පිරිසට දිවා ආහාරය ලබාදීමට ප්‍ර‍ථම ආගමික වතාවත් සිදු කරන ලද කොරියානු හිමි නම වෙත අටපිරිකර පූජා කිරීම ද කොරියානු බළඇණි ආඥාපතිතුමා වෙත සමරු තිළිණයක් ලබාදීම ද සිදු කෙරිනි. එම අවස්ථාව සිහිගන්වමින් ආඥාපතිතුමා ඇතුළු සියලුම භට පිරිස් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ. Authentic Sneakers | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov