Header

Sri Lanka Army

Defenders of the Nation

logo logo logo

10th February 2016 18:37:43 Hours

මැලේසියා සංචාර පැකේජය සහනදායි මිලකට

ශ්‍රී ලංකා යුද හමුදා ගමන් පාලන අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ ස්ථාපිත එයාර් ට්‍රැවල් සර්විසස් (පුද්ගලික) සමාගම වෙතින් යුද හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත සහනදායී මිලකට මැලේසියා සංචාරය සඳහා පහසුකම් ලබා දී ඇත. මෙම වසරේ ප්‍ර‍ථම මැලේසියානු සංචාරය රාත්‍රි තුනකින් සමන්විතව 2016 අප්‍රේල් මස 17 න් ආරම්භ වී අප්‍රේල් මස 21 වන දින නිමාවීමට නියමිතය අතර, නවාතැන් පහසුකම්, සංචාරක පහසුකම් මෙන්ම ආහාරපාන ද ඇතුලත් මෙම සංචාරය සඳහා අයකරනු ලබන්නේ රුපියල් 55,000/= ක් පමණි ඒ අනුව සුබසාධක අධ්‍යක්ෂ මණ්ඩලයේ යුද හමුදා සුභසාධක සංගමයේ සාමාජිකත්වය දරන යුද හමුදා සාමාජිකයින් වෙත ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සමඟ හෝ අන් අය සමඟ මෙම සංචාරයට සහභාගිවීමට කැමති නම් රුපියල් ලක්ෂ 3 ක ණය මුදලක් ලබා ගැනීමට ද හැකියාවක් ඇත. මෙම සංචාරය සඳහා සහභාගිවීමට කැමති අයවලුන් හට පහත සඳහන් දුරකථන අංක මගින් වැඩිදුර විස්තර ලබා ගත හැකිය. ජංගම දු:අ - 076 6907744 / 076 6907745 දුරකතන අංක - 011 2333136 / 011 2333137