Header

Sri Lanka Army

Defender of the Nation

09th February 2016 15:54:29 Hours

ජංගම වෛද්‍ය සායන සඳහා පෞද්ගලික විශ්ව විද්‍යාලයේ සහය

මුලතිව් කොම්බාවිල් හි පිහිටි 68 වන සේනාංක මූලස්ථානයේ සම්බන්ධිකරණයෙන් සෙනසුරාදා (6) දින පුදුකුඩුඉරුප්පු මධ්‍ය මහා විද්‍යාලෙය් දී වෛද්‍ය උපදේශන ලබාදිමේ සහ ඖෂධ ලබාදිමේ ජංගම වෛද්‍ය සායනයක් පැවැත් වූ අතර, ඒ සඳහා එම ප්‍රදේශයේ රෝගීන් 930 දෙනෙකු සහභාගි වූහ. ICBT පෞද්ගලික විශ්ව විද්‍යාලයේ දායකත්වය මත සංවිධානය කරනු ලැබූ මෙම වෛද්‍ය සායනය සඳහා වෛද්‍ය උපදේශක වෛද්‍ය ලක්ෂ්මන් වීරසේකර මෙන්ම තවත් වෛද්‍යවරියන් හතර දෙනෙක්, ඖෂධ වේදීන් හා හෙද හෙදියන් ඇතුලු 20 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කාර්ය මාණ්ඩලයක් සහභාගි වූහ. එහිදි, වෛද්‍ය නිලධාරින් විසින් රෝගීන් 930 ක් වෙත වෛද්‍ය ප්‍ර‍තිකාර සහ රුපියල් ලක්ෂයක් පමණ වටිනාකමකින් යුත් ඖෂධ ලබාදෙන ලදි. එම අවස්ථාව සඳහා ICBT විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයින් පිරිසක් ද එක්ව සිටියහ.Best jordan Sneakers | New Releases Nike