Header

Sri Lanka Army

Defender of the Nation

06th February 2016 19:09:54 Hours

අල්-අමීනා විදුහලේ සිසුන් වෙත පාසල් උපකරණ

යුද හමුදාපතිතුමාගේ උපදෙස් මත යුද හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පසුගිය සිකුරාදා (05) දින කොළඹ 3 අල් - අමීනා විද්‍යාලයේ තෝරාගත් සිසුන් 126 දෙනෙකු වෙත අධ්‍යාපන කටයුතු සඳහා දිරි දීමක් ලෙස පාසල් උපකරණ බෙදාදෙන ලදි. ජාතික නිදහස් දිනයට සමගාමිව අඩු ආදයම්ලාභි පවුල්වල ළමුන් සඳහා යුද හමුදා නිලධාරින් විසින් ත්‍යාග පාර්සල් ලබා දුන් මෙම අවස්ථාවට විදුහල්පති මෙන්ම ගුරු මණ්ඩලයේ සාමාජිකයන් ද එක්ව සිටියහ. විදුහල්පති සහ ගුරුවරුන් විසින් මෙහි පැමිණි නිලධාරින් පිළිගත් අතර, ඔවුන් සිදුකළ මෙම කටයුත්ත පිළිබඳ සිය ස්තුතිය ද පුද කරන ලදි. මෙහිදි මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍ර‍ධාන මාණ්ඩලික නිලධාරි I ලුතිතන් කර්නල් රංජිත් ප්‍රේමතිලක සහ ප්‍ර‍ධාන මාණ්ඩලික නිලධාරි II මේජර් එස්. ගුණසේකර විසින් මෙම ළමුන් 126 දෙනා වෙත පාසල් උපකරණ බෙදා දෙනු ලැබිය.affiliate tracking url | Womens Shoes Footwear & Shoes Online