Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
06th February 2016 01:11:09 Hours
හමුදා උත්තමාචාර හා ජාතික ධජ ලෙලදෙවමින් 68 වන ජාතික නිදහස් දින පෙළපාලිය අභිමානවත් අයුරින් පැවැත්වේ
සාමය, සුහදත්වය, සංහිඳියාව සහ ආර්ථිකමය දියුණුවේ සමෘද්ධිය සහ විනිවිදභාවය පිළිබඳ බලාපොරොත්තු පෙරදැරි කරගනිමින් ‘එකම දැයක් - මහ බලයක්’ තේමාව කරගත් අභිමානවත් 68 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල කොළඹ ගාලුමුවදොර පිටියේ දී අද (04) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන්ගේ සම්මාන පෙළපාලිය ද සමඟින් මහත් අභිමානයෙන් සහ ප්‍රෞඪත්වයෙන් යුතුව පවත්වන ලදී. 68 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා සිරිසේන මැතිණිය මෙන්ම ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, කථානායක, අගවිනිසුරුතුමා, ෆීල්ඩ් මාර්ෂල්, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පිළිබඳව අමාත්‍ය, බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමා, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය, අනෙකුත් මැති ඇමතිවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද, නාවික සහ ගුවන් හමුදාපතිවරුන්, පොලිස්පතිතුමා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්, රාජ්‍ය නිළධාරීන් මෙන්ම සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක් ද සහභාගි වූහ. එහි දි උත්සව භූමියට යුද හමුදා පොලීසියේ පෙරගමන් රථ පෙළ හා පොලිස් අශ්වාරෝහක කණ්ඩායමේ අලංකාරවත් පෙරහැරකින් පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ එම මැතිණිය අගමැතිතුමන් සහ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා විසින් පිළිගන්නා ලදී. ඉන්පසු දෙවන අදියරේ දී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද, නාවික, ගුවන් හමුදාපතිවරු මෙන්ම පොලිස්පතිවරයා විසින් ජනාධිපතිතුමා ප්‍රධාන ධජ එසවිමේ ස්ථානය වෙත කැඳවා ගෙන ආ අතර, මඟුල් බෙර හා ජයසක් හඬ මධ්‍යයේ ජනාධිපතිතුමාගේ සුරතින් ජාතික ධජය එසවීනි. සියළු දෙනාම එම අවස්ථාවේ නැගී සිට ජාතික ධජයට ගෞරවාචාර දැක්වූහ. එහි දී පළාතේ පාසල් 25 ක බාලිකාවියන් සිය දෙනෙකු ජාතික ගීය ගායනා කළ අතර, ජාතියේ ප්‍රෞඪත්වය සෑම සිතකම රැව්පිළිරැව් දෙමින් නිදහසේ අභිමානය සැමරීය. පසුව ජනාධිපතිතුමා රැඳී සිටි විශේෂ පීඨිකාව ඉදිරිපිට දී සිය දෙනෙකුගෙන් සමන්විත පාසැල් ශිෂ්‍යාවන් කණ්ඩායම විසින් ජයමංගල ගාථා ගායනා කරමින් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත්, ‘දේවෝ වස්සතු කාලේන’ යන ශ්ලෝකයත් ගායනා කරමින් සමස්ත ජාතියට ආශිර්වාද කළහ. පසුව රට ජාතිය වෙනුවෙන් දිවි පිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා ඔවුනට උත්තමාචාර දැක්වීමට සැවොම එක්වූහ. මෙම අවස්ථාවේ ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බළකායේ සෙබළුන් ඉතා අභිමානවත් අයුරින් ආචාර පෙළපාලියේ ගමන් කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා වූ සේනාධිනායක ජනාධිපතිතුමා වෙත ආචාරය පුද කළ අතර, චාරිත්‍රානුකූලව කාලතුවක්කු වෙඩි මුර 21 ක් ගුවනට මුදා හරිමින් ඔවුහු ජනාධිපතිතුමා වෙත උත්තමාචාරය පුද කරනු ලැබීය. පසුව ජනාධිපතිතුමා ජාතිය අමතන ලදී ජනාධිපතිතුමාගේ කථාවෙන් අනතුරුව ත්‍රිවිධ හමුදාවේ නිලධාරින් හා සෙසු නිලයින්, පොලිසියේ හා සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයින් පෙළපාලිය සඳහා සුදානම් බව පෙළපාලි අණදෙන්නා වන ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් හමුදාමය චාරිත්‍රානුකුලව ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත රපෝර්තු කරන ලදි. බ්‍රිගේඩියර් ලක්සිරි වඩුගේ මෙම පෙළපාලියේ දෙවන අණදෙන්නා ලෙස කටයුතු කළේය. මෙම අවස්ථාවේ ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බළකායේ සෙබළුන් 9450 ක් සම්මාන ඇඳුමෙන් සැරසී ආචාර පෙළපාලියේ ගමන් කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ජනාධිපතිතුමා වෙත සිය ආචාරය පුද කලහ. එමෙන්ම ජාතික ශිෂ්‍ය භට බලකායේ සහ යොවුන් සේනාංකයේ සාමාජිකයන් ද මේ සඳහා එක්ව සිටියහ. ගාලුමුවදොර පිටියේ පැවති මෙම ජාතික නිදහස් දින පෙළපාලිය නැරඹීම සඳහා බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ කතෝලික ආගම් නියෝජනය කරමින් පුජකවරුන්, ආණ්ඩුකාරවරුන්, රාජතාන්ත්‍රිකයන්, ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, ව්‍යාපෘති භාර ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම විශාල ජනකායක් පැමිණ සිටියහ. මෙම ප්‍රධාන උත්සවයට සමගාමීව ‘ජාතියේ පියා’ ලෙස විරුදාවලිය ලත් මහාමාන්‍ය ඩී.එස් සේනානායක මහතාගේ නිදහස් චතුරශ්‍රයේ පිහිටි පිළිරුවට මැති ඇමතිවරුන් විසින් මල් කළඹ තැන්පත් කර උපහාර දැක්වීය. මෙම ජාතික නිදහස් දින සැමරුම් වැඩසටහන් මාලාව පසුගිය සඳුදා (02) දින කොළඹ 07, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ පැවති සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවෙන් ආරම්භ වූ අතර, පසුදින හුණුපිටිය ගංගාරාමය විහාරස්ථානයේ දී මහා සඟරුවන වෙත හීල් දානය පිරිනැමිම ද සිදු විය. නිදහස් දින ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් බෞද්ධ ආගමික වතාවත් කොළඹ පොල්වත්ත ධර්මකීර්තියාරාම විහාරය, හින්දු ආගමික වතාවත් ශ්‍රී පොන්නම්බලම් වානේෂ්වරන් කෝවිලේ දී ද, ඉස්ලාමීය ආශිර්වාද ලබා ගැනීම මරදාන ජුම්මා මුස්ලිම් පල්ලියේ දී සහ කතෝලික සහ ක්‍රිස්තියානි ආශිර්වාද ලබා ගැනීමේ ආගමික වතාවත් බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ දී හා ක්‍රිස්තියානි රෙපරමාදු පල්ලියේ දී සිදු කරන ලදී. එදිනම මධ්‍යහ්න 12.00 පැයට ශ්‍රී ලංකා නාවික හමුදාව කොළඹ චෛත්‍යය පාර ප්‍රදීපාගාරය අසල දී කාලතුවක්කු උණ්ඩ 25 ක් ගුවනට මුදා හරිමින් ජාතිය වෙනුවෙන් සිය උපහාරය පිදීය. තවද මෙම ප්‍රධාන නිදහස් දින උත්සවයට සමගාමීව තවත් එවැනි උත්සව රැසක් දිවයිනේ විවිධ ස්ථානවල දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
Nike air jordan Sneakers
|
Zapatillas de running Nike - Mujer