Header

Sri Lanka Army

Defender of the Nation

05th February 2016 22:05:17 Hours

ගිනි නිවීමේ ක්‍රියා පිළිවෙත පිළිබඳව කොස්ගම සෙබලුන් දැනුවත් කරයි

ගිනි නිවීමේ ක්‍රියා පිළිවෙත පිළිබඳව දැනුම පුළුල් කිරීමේ අදිටනින් භට කාර්ය සම්පාදක අණසක මූලස්ථානයෙහි ගිනි නිවීම සම්බන්ධ පුහුණුකරුවන් විසින් පසුගියදා එම මූලස්ථානයේ දී මෙම වැඩසටහන පවත්වනු ලැබීය. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මධ්‍යම ගිනිඅවි සහ පතුරම් ගබඩාවේ සහයෝගය ලබා දී ඇත. කොස්ගම ස්වෙච්ඡා බල සේනා මුලස්ථානය, භට කාර්ය සම්පාදක අණසක මූලස්ථානය, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු කාර්මික වැඩබිම සහ යුද හමුදා ව්‍යාපෘති අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරමින් 400 කට අධික පිරිසක් මෙම පුහුණු වැඩසටහනට සම්බන්ධ වූහ. කොස්ගම කේන්ද්‍රකොට ගනිමින් පිහිටි යුද හමුදා කඳවුරුවල ජ්‍යෙෂ්ඨ නිලධාරිහු රැසක් ද ඊට එක්ව සිටියහ.Nike Sneakers Store | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals