Header

Sri Lanka Army

Defender of the Nation

05th February 2016 21:27:52 Hours

වන්නි සෙබලුන් ත්‍යාග පාර්සල් බෙදාදීමට එක්වේ

වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ සෙබලුන් විසින් අනුරාධපුර ශ්‍රී නාග විහාරයේ පූජ්‍ය මහකච්චකොඩියේ පඤ්ඤාසේකර ස්වාමින් වහන්සේ සහ මහනුවර ශික්ෂණ රෝහලේ වෛද්‍ය සුසිලා රණසිංහ මහත්මියගේ අනුග්‍ර‍හය ඇතිව වෙහෙරතැන්න හා නන්දිමිත්‍ර‍ගම යන ගම්මානයන්හි දි ප ජනතාව හා පාසල් සිසුන් වෙත පාසල් උපකරණ හා වියළි ආහාර පාර්සල් බෙදාදෙන ලදි. අඟහරුවාදා (28) දින නන්දිමිත්‍ර‍ගම, සැලලිහිණිගම, නාමල්ගම, බෝගස්වැව - I සහ බෝගස්වැව - II හි දහම් පාසල් ළමුන්ට රුපියල් 500 /=ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ අඩංගු පාර්සල් 350 ක් ආධාර ලබාදීම සඳහා දායක වූ පූජ්‍ය මහකච්චන්කොඩියේ පඤ්ඤාසේකර ස්වාමින් වහන්සේ සහ වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා විසින් බෙදාදෙනු ලැබිය. 56 වන හා 62 වන සේනාංකයේ සේනාංකාධිපතිවරු, බල සේනාධිපතිවරු සහ අණදෙන නිලධාරින් මෙන්ම සිවිල් වැසියන් බෝහො පිරිසක් මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ. එමෙන්ම, රුපියල් 150,000.00 ක වටිනාකමකින් යුත් වියලි ආහාර ද්‍ර‍ව්‍ය තොගයක් වෙහෙරතැන්න ගම්මානයේ පවුල් 247 ක් වෙත වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති සහ වෛද්‍ය සුසිලා රණසිංහ මහත්මිය ඇතුලු පවුලේ සාමාජිකයින් විසින් නන්දිමිත්‍ර‍ගම දී බෙදා දුන් අතර, මෙය වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපතිගේ මගපෙන්වීම මත 26 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සෙබලුන් විසින් සංවිධානය කරන ලදි. 62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ.ඒ.කොඩිප්පිලි, 623 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වි.එල්.වි.එම්. ලියනගේ, අණදෙන නිලධාරින්, අනෙකුත් නිලධාරින්, සෙසු නිලයින්, පරිත්‍යාගශීලීන් ඇතුලු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මෙන්ම සිවිල් වැසියන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.url clone | Nike Shoes