Header

Sri Lanka Army

Defender of the Nation

02nd February 2016 15:31:55 Hours

නව සේනාංකාධිපති සිය ධූරයෙහි රාජකාරී අරඹයි

68 වන සේනාංකයෙහි නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් පී.ඒ.ඩී කහපොළ නව ධූරයෙහි රාජකාරී භාර ගැනීමේ උත්සවය ඉතා චාම් අයුරින් බ්‍ර‍හස්පතින්දා (28) දින මුලතිව් කොම්බාවිල් හි පිහිටි එම සේනාංක මූලස්ථානයේ දී පවත්වනු ලැබීය. අනතුරුව නව සේනාංකාධිපති සිය තනතුරෙහි රාජකාරී භාරගැනීම සනිටුහන් කරමින් ලිපි ලේඛනවල නිල වශයෙන් අත්සන් කරන ලදි. නව ධූරයෙහි රාජකාරී භාරගැනීමේ අවස්ථාව සිහිගන්වමින් සේනාංකාධිපතිතුමා විසින් පැළයක් ද රෝපණය කරනු ලැබීය. එහි දී නව සේනාංකාධිපතිතුමා වෙත 68 වන සේනාංකයෙහි සෙබලුන් විසින් එම මුලස්ථාන පරිශ්‍රයේදී ආචාර සම්මාන මුරයක් ද පිරිනමනු ලැබීය. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, බලසේනාධිපතිවරුන්, අණ දෙන නිළධාරීන් සහ සෙසු නිළයින් බොහෝ පිරිසක් ද සහභාගි වූහ.short url link | Nike