Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
02nd February 2016 15:26:42 Hours
මධ්‍යම, මුලතිව් සහ නැගෙනහිර සෙබලුන් ක්‍රීඩා සහ ශාරීරික ප්‍රවර්ධන සතිය සමගින් අත්වැල් බැඳගනී
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික ක්‍රීඩා සහ ශාරීරික ප්‍රවර්ධන සතිය නිමිත්තෙන් බ්‍රහස්පතින්දා (28) දින මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන සෙබලුන් විසින් ශාරීරික අභ්‍යාස වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය. ඒ අනුව මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුමේධ පෙරේරාගේ අධීක්ෂණයෙන් සියලුම ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සහ සෙසු නිළයින් පෝලෝ ක්‍රීඩාංගණයේ සිට දියතලාව මුතුකුමරු ක්‍රීඩාංගණය දක්වා දැවැන්ත පා ගමනක් සංවිධානය කරනු ලැබීය. ශාරීරික අභ්‍යාස වැඩසටහනින් අනතුරුව සහභාගිවූවන් අතර ක්‍රිකට් තරගාවලියක් ද පවත්වනු ලැබීය. එම සුහද ක්‍රිකට් තරඟාවලිය සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන ක්‍රිකට් කණ්ඩායම සමගින් බලසේනා සහ ඒකකයන්හි ක්‍රිකට් කණ්ඩායම් රැසක් සහභාගි වූහ. මේ අතරතුර මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය ද මෙම ජාතික වැඩසටහනට සමගාමීව වැඩමුළු කිහිපයක් පවත්වනු ලැබීය. ඒ අනුව ශාරීරික පුහුණු වට කිහිපයකින් පසුව ක්‍රීඩා ඉසව් රැසක් පවත්වනු ලැබීය. මෙම වැඩසටහන සඳහා ඉදිරි නඩත්තු පෙදෙස ඇතුළු එම මූලස්ථානය යටතේ පිහිටි ස්ථානවලින් නිළධාරීන් සහ සෙසු නිළයින් 250 කට අධික පිරිසක් සහභාගි වූහ. මේ අතරතුර පොලොන්නරුව රාජකීය පාසලේ ආචාර්ය මණ්ඩලය සහ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ යුද හමුදා නිළධාරීන් සමඟ එක්ව මෙයට සමගාමීව වැඩසටහනක් අඟහරුවාදා (26) දින එම පාසල් පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය. ශ්‍රී ලංකා යුද හමුදා ශාරීරික අභ්‍යාස උපදේශකයින් විසින් බෝ නොවන රෝග පාලනය කිරීම ඉලක්ක කර ගනිමින් මෙම ශාරීරික අභ්‍යාස වැඩසටහන පවත්වනු ලැබීම තවත් විශේෂත්වයක් වේ.
Running sport media
|
Women's Designer Sneakers - Luxury Shopping