Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
29th January 2016 21:03:01 Hours
මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක නව යාපනය ආඥාපති ලෙස රාජකාරි අරඹයි
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති ලෙස පත් වූ මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක බ්‍රහස්පතින්දා (28) දින යෙදුනු සුබ මොහොතින් සෙත් පිරිත් සඡ්ඡායනා මධ්‍යයේ අදාල නිල ලේඛණවලට අත්සන් තබමින් රාජකාරි ඇරඹීය. ඊට ප්‍රථම එම මූලස්ථානය වෙත පැමිණි නව ආඥාපතිවරයාට ඉංජිනේරු සෙබලු සම්මාන මුරයක් ද පිරිනැමීය. රාජකාරි ඇරඹි එම අවස්ථාවට 51, 52 සේනාංකවල සේනාංකාධිපතිවරු සහ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද එක්වූහ. යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන භූමියේ පැලයක් ද රෝපණය කළ නව ආඥාපතිවරයා සියලු නිලයින් ද ඇමතීය. නව තනතුරට පත් මේජර් ජෙනරාල්වරයාට අනෙකුත් ආගම් නියෝජනය කරමින් පැමිණි නියෝජිත පූජකවරු ද ආශිර්වාද පළ කළෝය. ‘මහේෂ්’ නමින් ප්‍රසිද්ධ හෙතෙම නව තනතුරට පත්වීමට පෙර යුද හමුදා මූලස්ථානයේ හමුදා ලේකම් ලෙස ද කටයුතු කළේය. මේජර් ජෙනරාල් එන්යූඑම්එම්ඩබ් සේනානායක ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සි මේජර් ජෙනරාල් එන්යූඑම්එම්ඩබ් සේනානායක ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සි වසර 1981 ඔක්තෝබර් 16 වන දින ශ්‍රී ලංකා යුද හමුදාවේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 16 (දිගු කාලීන පාඨමාලා) යටතේ සිය මූලික පුහුණවීම් ලබා 1983 ජුනි මස 23 වන දින දෙවන ලුතිතන්වරයෙක් ලෙස අධිකාරියට පත්ව 1 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවට එක්වූවේය. හෙතෙම තමා හැදෑරූ එම පාඨමාලාවේ හොඳම නිලධාරියාට පිරිනැමෙන සම්මානය සහ අසිපත ද දිනා ගනු ලැබීය. ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස යුද හමුදාව තුල වගකීම් බහුල තනතුරු රැසක් හෙබවූ මේජර් ජෙනරාල් සේනානායක ශ්‍රී ලංකා යුද හමුදා ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ භට පිරිස් අණදෙන නිලධාරි/ බලඝණ නිලධාරි ආදි නිලයන් හෙබවූ අතර, දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨයේ උපදේශකවරයෙක් ලෙස ද ක්‍රියා කළේය. අන්තර් ඒකක නිලධාරි මාරුකිරීම්වල ප්‍රතිඵලයක් ලෙස මේජර් ජෙනරාල් සේනානායක 1989 වසරේ සිට විශේෂ බලකායට අනුයුක්ත කෙරිනි. හෙතෙම ශ්‍රී ලංකාව තුල පැවති උතුරු - නැගෙනහිර යුද්ධයේ දී ප්‍රධාන හමුදා මෙහෙයුම් රැසකට සිය දායකත්වය ලබා දුන්නේ 1 වන විශේෂ බලකායේ බලඝණ නිලධාරි ලෙස සහ දිගු දුර විහිදුම් බලකාය හා දිගු දුර මුර සංචාර ශ්‍රී ලංකා යුද හමුදාවට හඳුන්වා දුන් 3 වන විශේෂ බලකායේ අණදෙන නිලධාරි ලෙස කටයුතු කරමිනි. විශේෂ බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක, 211 පාබල බලසේනාවේ (වව්නියාව) බල සේනාධිපති, විශේෂ බලකා බලසේනාවේ බල සේනාධිපති සහ 52 සේනාංකයේ (යාපනය, වරණිහි පිහිටි) සේනාංකාධිපති ලෙස ද එතුමා කටයුතු කළේය. යුද්ධය පැවති සමයේ විවිධ කාලයන් තුල 52 සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික සහ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ලෙස ද ක්‍රියා කලහ. යුද හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නියාමන උපදේශක වශයෙන් මෙන්ම මානුෂීය මෙහෙයුම් සමයේ තීරණාත්මක අවධියේ සැලසුම් අධ්‍යක්ෂ ලෙස ද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි මහත් කාර්යභාරයක් ඉටු කළේය. එමෙන්ම යුද හමුදා මූලස්ථානයේ හමුදා ලේකම් ලෙස ද මේජර් ජෙනරාල් සේනානායක කටයුතු කලහ. තව ද මේජර් ජෙනරාල් සේනානායක එක්සත් රාජධානියේ යුද හමුදා අණ දෙන සහ ප්‍රධාන මාණ්ඩලික විදුහලේ සිවිල් ඉංජිනේරු විද්‍යාවේදි උපාධිධරයෙකි. යුද මෙහෙයුම්වල දී දැක්වූ දැඩි කැපවීම සහ දක්ෂතාවය වෙනුවෙන් රණවික්‍රම පදක්කම, රණශූර පදක්කම මෙන්ම යුද හමුදාව තුල සිදු කළ නිකැළැල් සේවාව වෙනුවෙන් උත්තම සේවා පදක්කම ද එතුමා වෙත පිරිනමා ඇත. මේජර් ජෙනරාල් සේනානායක ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සි යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති ධූරය සහ විශේෂ බලකායේ බලකාධිපති ධූරය හොබවන අතර, විවාහකයෙකු වන හෙතෙම දියණියන් දෙදෙනෙකුගේ සහ එක් පුතෙකුගේ පියෙකි.
latest Running
|
adidas Ultra Boost 1.0 DNA ZX 9000 Mint - Grailify