Header

Sri Lanka Army

Defender of the Nation

29th January 2016 19:16:17 Hours

බටහිර සෙබලුන් ඩෙංගු මර්ධනය සඳහා එක්වේ

බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ අධීක්ෂණයෙන් එම ආරක්ෂක සේනා මූලස්ථාන සෙබලුන් බ්‍ර‍හස්පතින්දා (28) දින ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සඳහා දායකත්වය ලබා දී ඇත. මෙම වැඩසටහන සඳහා බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 14 සහ 58 සේනාංකයන්හි සෙබලුන් සහයෝගය දැක් වූ අතර, ඒ සඳහා ප්‍රදේශයේ වෛද්‍ය නිළධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ද සහභාගි විය. දෙහිවල, කොලොන්නාව,මොරටුව, මහරගම, හෝමාගම, කෝට්ටේ සහ බියගම යන ප්‍රදේශ ආවරණය වන පරිදි පැවැත් වූ මෙම වැඩසටහන සඳහා 14 වන සේනාංකය යටතේ රාජකාරී නියුතු නිළධාරීන් සහ සෙසු නිළයින් 250 ක් සහභාගි වූහ. එමෙන්ම එම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපතිගේ අධීක්ෂණයෙන් පානදුර සහ කළුතර ප්‍රදේශයන්හි ඩෙංගු මර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබූ අතර, ඒ සඳහා 58 සේනාංකය නියෝජනය කරමින් එක් නිළධාරියෙකු සහ සෙසු නිළයින් 10 දෙනෙකු සහභාගි වූහ. දින තුනක් පුරා පවත්වනු ලබන මෙම වැඩසටහන සෙනසුරාදා (30) දින නිමා වීමට නියමිතය. සෞඛ්‍ය අමාත්‍යාංශ ජාතික ඩෙංගු මර්දන ඒකකයට සහයෝගය දැක්වීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කර ඇත.Authentic Sneakers | Nike Shoes