Header

Sri Lanka Army

Defender of the Nation

29th January 2016 14:45:14 Hours

ගජබා රෙජිමේන්තු නව අධිපති පිළිගැනීම උත්සවාකාරයෙන් සිදු කෙරේ

අභිනවයෙන් පත් වූ ගජබා රෙජිමේන්තුවේ නව අධිපති ලෙස මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා පත් වු අතර, සාලියපුර එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී බ්‍ර‍හස්පතින්දා (28) දින හෙතෙම හමුදා සම්ප්‍ර‍දායන්ට අනුකූලව මහත් හරසරින් පිළිගනු ලැබීය. දිනයේ වැඩසටහන ආරම්භ කරමින් මේජර් ජෙනරාල් පෙරේරා ගජබා රෙජිමේන්තුවේ රණවිරු ස්මාරකය වෙත ගොස් මල් කළඹ තැන්පත් කරමින් සිය රෙජිමේන්තුවට අයත් ව සිට දේශය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිපත් කරමින් ගෞරවාචාර දැක්වීය. අනතුරුව ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් රංජන් ළමාහේවා නව අධිපති පිළිගත් අතර, ඉන් පසු රෙජිමේන්තු ක්‍රීඩාංගණයේ දී සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිළිගැන්වීම ගජබා සෙබලුන් විසින් සිදු කරන ලදී. සම්මාන පෙළපාලියේ අණදෙන්නා සමඟ නව අධිපති පෙළපාලිය නිරීක්ෂණය කළේය. ඉන් පසු මේජර් ජෙනරාල් පෙරේරා ආගමික වතාවත් මධ්‍යයේ තම නිල කාර්යාලයේ දී නියමිත ලිපිලේඛණවලට අත්සන් තබමින් රාජකාර භාරගත්තේය. හෙතෙම බලලත් නිලධාරි සහ සැරයන් නිවස්නයේ පැවති තේ පැන් සංග්‍ර‍හයට ද ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් සමඟ එක්වූහ.Buy Kicks | Women's Designer Sneakers - Luxury Shopping