Header

Sri Lanka Army

Defender of the Nation

28th January 2016 18:46:17 Hours

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන පුහුණුවීම් දිනයේ දී දේශන පවත්වයි

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පවත්වනු ලැබූ පුහුණුවීම් දිනය එම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ අධීක්ෂණය යටතේ දේශන කිහිපයක් බදාදා (27) දින මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍ර‍වනාගාරයේ දී පවත්වනු ලැබීය. මෙහි දී මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් ප්‍ර‍ධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් එන්.එම් හෙට්ටිආරච්චි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු දේශන සඳහා සහභාගි වූ අතර‍, කපිතාන් එම්.එස්.කේ පල්ලෙවත්තෙගෙදර විසින් ‘විජිතපුර සටන’ පිළිබඳව දේශනය සහ 16 වන ඉංජිනේරු බලකායේ ලුතිතන් ජී.ජබ්ලිව්.එම්.ඒ චිත්‍ර‍රත්න විසින් ‘චෙස් හැඳින්වීම’ පිළිබඳව දේශනය සිදු කරනු ලැබීය. එම පුහුණුවීම් දිනය සඳහා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති සේනාංක, බලසේනා සහ ඉදිරි නඩත්තු පෙදෙසෙහි රාජකාරී නියුතු නිළධාරීන් 50 දෙනෙකු සහභාගි වූහ.Running sports | Air Jordan Release Dates 2020