Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
28th January 2016 17:40:31 Hours
‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත ප්‍රදානය කිරීම අරලිය ගහ මන්දිරයේ දී උත්සවාකාරයෙන් ඇරඹේ
අතිගරු ජනාධිපතිතුමාගේ ආශිර්වාදය මධ්‍යයේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ සංකල්පයක් මත දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වලට සහ ආබාධිත රණවිරුවන් ඇතුළු විරුවන් වෙත ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත ප්‍රදානය කිරීමේ උත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සඳුදා (25) දින අරලිය ගහ මන්දිරයේ දී උත්සවාකාරයෙන් සිදු කෙරිනි. එම අවස්ථාව සදහා ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන මැතිතුමාගේ ආරාධනයෙන් ප්‍රවාහන අමාත්‍ය ගරු නිමල් සිරිපාලද සිල්වා මහතා, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමගින් අමාත්‍යවරු, රාජ්‍ය නිලධාරීන් මෙන්ම රණවිරු පවුල්වල සාමාජිකයින් විශාල පිරිසක් සහභාගි වූ අතර, එදින රණවිරු සේවා අධිකාරියේ සභපතිනිය අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් උතුරු නැගෙනහිර යුද්ධයෙන් පීඩාවට පත් පවුල්වල දරුවන්ට පාසල් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අධ්‍යාපන ශිෂ්‍යත්ව 100 ක් පිරිනැමීමද සිදු කරනු ලැබීය. ආබාධිත රණවිරුවන් ඇතුළු විරුවන් වෙත මෙම වරප්‍රසාද කාඩ්පත මගින් රාජ්‍ය හා පෞද්ගලික රෝහල් පහසුකම්, දුරකතන හා අන්තර්ජාල පහසුකම්, ලීසිං මූල්‍ය පහසුකම්, දුම්රිය සේවා පහසුකම්, වෘත්තීය පුහුණු ආයතනවලින් පුහුණු පාඨමාලා හැදෑරීමට පහසුකම් සපයාදීම මෙන්ම පුද්ගලික අධ්‍යාපන ආයතනයන්හි පාඨමාලා හැදෑරීමේ දී පහසුකම්, පරිගණක දත්ත සමාගම් පහසුකම් ලබාගැනීමට ද මින් ඉඩප්‍රස්ථාව හිමිවේ. තව ද වෙළඳසැල් තුලින් ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ මිල දී ගැනීමේ දී ද රාජ්‍ය ඔසුසැල් තුලින් ඖෂධ මිල දී ගැනීමේ දී ද රූපවාහිනී සැටලයිට් නාලිකා පහසුකම් ලබාගැනීම දී පොදු ප්‍රවාහන සේවාවන් ලබාගැනීම දී මෙන්ම ගුවන් ගමන් බලපත්‍රමිල දී ගැනීම් ආදිය ලබා ගැනීමේ දී වට්ටම් ද ඇතුළු පහසුකම් රැසක් ලබා දී ඇත. මෙහි ප්‍රථම අදියර යටතේ දිවයිනේ ප්‍රධාන පෙලේ වාණිජ ආයතන 45 කින් ප්‍රතිලාභ සහ වට්ටම් ප්‍රදානය කිරීම යුද, නාවික, ගුවන්, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු රණවිරුවන්ට හිමි වේ. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගනු ලැබුවේ රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය සමඟින් ආබාධිත රණවිරුවන් මෙන්ම යාපනය, අම්පාර, මඩකකලපුව, වව්නියාව, බදුල්ල සහ පොළොන්නරුව ප්‍රදේශවලින් පැමිණ සිටි ශිෂ්‍යත්වලාභින් විසිනි. දිනයේ වැඩසටහන ආරම්භ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ අගමැතිවරයා, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා, ෆීල්ඩ් මාර්ෂල්වරයා, ආරක්ෂක ලේකම්වරයා, රණවිරු සේවා අධිකාරියේ සභාපතිනිය, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, මිය ගිය ජ්‍යෙෂ්ඨ රණවිරුවෙකුගේ බිරිඳක්, ආබාධිත රණවිරුවෙක් සහ දිවි පිදූ නාවික හමුදා විරුවෙකුගේ දරුවෙක් ද සම්ප්‍රදායානුකූලව සුබ මොහොතින් පොල්තෙල් පහන් දැල්වීමට එක් වූ අතර, දිවි පිදූ රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිහඬතාවක් ද පැවැත්වීය. රණවිරු සේවා අධිකාරියේ ගරු සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය පැමිණ සිටි ආරාධිත අමුත්තන් සහ ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත ලබා ගැනීමට පැමිණි පිරිස මහත් ගෞරවයෙන් පිළිගනු ලැබුවාය. එහිදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා විසින් මෙම මාහැඟි කර්තව්‍යය සාර්ථක කර ගැනීමට සහයෝගය ලබාදුන් දිවයින පුරා සිටින ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු සැමට ද සිය ස්තූතිය පිරිනැමුවාය. විරුසර කාඩ්පත් ව්‍යාපෘතියේ ගමන් මග ආවර්ජනය කරමින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාවරයා කියා සිටියේ ‘සුදු පරෙවියන්ට ඉඩ දෙමු’ තේමාවෙන් ඇරඹි මෙම වැඩසටහන සියලු රණවිරුවන්, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයින් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරන ක්‍රමවේදයක් බවට පත් කරන බවයි. ඉන් පසු අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් රණවිරු සේවා අධිකාරිය මගින් සැකසූ ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත් නිල වෙබ් අඩවිය විවෘත කිරීම ද සිදු කළේය. ඊට අග්‍රාමාත්‍යවරයා, අමාත්‍යවරු, රාජ්‍ය ලේකම්වරු, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද, නාවික සහ ගුවන් හමුදාපතිවරු ද එක්වූහ. මෙම කාඩ්පත පිළිබඳ හා එය ලබා ගන්නා ආකාරය ආදි කරුණු පිළිබඳ තොරතුරු මෙම වෙබ් අඩවියෙන් දැන ගත හැකිය. එහි දී මෙම වැඩසටහන වෙනුවෙන් සැකසූ තේමා ගීතය ජනප්‍රිය ගායන ශිල්පී කසුන් කල්හාර ඇතුළු පිරිස විසින් ගායනා කළ අතර, දුදරුවන් වෙත ශිෂ්‍යත්ව සියය ප්‍රදානය කිරීම ද ඇරඹිනි. ඒ සඳහා අතිගරු ජනාධිපතිතුමා කැටුව යෑම සිදු කළේ අනෝමා ෆොන්සේකා මහත්මියයි. අගමැති, ඇමතිවරු හා ලේකම්වරු ද ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහා ප්‍රධාන වේදිකාවට පැමිණියහ. මෙහිදී රණවිරු පවුල්වල සාමාජිකයින් 50 දෙනෙකුට සහ යුද හමුදාවේ 24 දෙනෙක්, නාවික හමුදාවේ 08 දෙනෙක්, ගුවන් හමුදාවේ 06 දෙනෙක්, පොලිස් නිලධාරීන් 04 දෙනෙක් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 04 දෙනෙක් ලෙස ජනාධිපතිතුමා අතින් සංකේතාත්මකව මෙම ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත ලබා ගත්හ. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රැස්ව සිටි පිරිස ඇමතූ අතර, රණවිරුවන් ඉටු කළ අපරිමිත මෙහෙවර සහ ඒ වෙනුවෙන් ඔවුන්ගේ පවුල් වෙත සිදු කරන සුබසාධන ක්‍රියාවලිය පිළිබඳව ද සිහිපත් කොට ඔවුන් වෙත සිය කෘතවේදි බව ද පුද කරනු ලැබීය. (අතිගරු ජනාධිපතිතුමාගේ කතාව මෙම වෙබ් අඩවියේ උණුසුම් පුවත් තුලින් නැරඹිය හැක) මෙම අවස්ථාව සදහා ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඒ.පී.ජී. කිත්සිරි මහතා, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල, පොලිස්පති එන්.කේ. ඉලංගකොන්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා, ප්‍රතිලාභ සපයන නියෝජිතයින්, ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, යුද හමුදා, නාවික හමුදා, ගුවන් හමුදා, පොලිස්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයින් 5000 ක් සමගින් මාධ්‍ය ආයතනවල සාමාජිකයින් සහ තවත් ආරාධිතයින් ද සහභාගි වූහ. මෙම අවස්ථාවේ ශ්‍රී ලංකා යුද හමුදාවේ, නාවික හමුදාවේ, ගුවන් හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සංස්කෘතික අංශයේ සෙබලු දැකුම්කළු සංස්කෘතිකාංග ද ඉදිරිපත් කරනු ලැබීය.
spy offers
|
THE SNEAKER BULLETIN