Header

Sri Lanka Army

Defender of the Nation

26th January 2016 20:27:46 Hours

අපද්‍ර‍ව්‍ය කළමණාකරනය සහ පරිසර දූෂණ පාලනය පිළිබදව යුද හමුදාව දැනුවත් කරයි

බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරල් සුදන්ත රණසිංහගේ අධීක්ෂණයෙන් එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සදහා අපද්‍ර‍ව්‍ය කළමණාකරනය සහ පරිසර දූෂණ පාලනය පිළිබදව දැනුවත් කිරීමේ වැඩමුළුවක් සදුදා (25) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන දේශණ ශාලාවේදී පවත්වනු ලැබීය. මෙහි දේශණ බොස්ටන් ඩිවයිසස් පුද්ගලික ආයතනයේ ශාමන් මදුරවල මහතා සහ ඉන්දික ද අල්විස් මහතා විසින් මෙහෙයවනු ලැබූ අතර අපද්‍ර‍ව්‍ය කළමණාකරනය සහ පරිසර දූෂණ පාලනය, තාක්ෂණික විසදුම්, දේශීය හා ජාත්‍යන්තර පාරිසරික නීති සහ රෙගුලාසි පිළිබවද දැනුවත් කරනු ලැබීය. එම අවස්ථාව සදහා බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් රණසිංහ සමගින් ජ්‍යෙෂ්ඨ නිළධාරීන් බොහෝ පිරිසක් සහභාගි වූහ.url clone | Air Jordan 1 Hyper Royal 555088-402 Release Date - SBD