Header

Sri Lanka Army

Defender of the Nation

26th January 2016 18:57:49 Hours

නැගෙනහිර නව ආඥාපති සිය ධුරයෙහි රාජකාරී අරඹයි

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති ලෙස මේජර් ජෙනරාල් කේ.එම්.යූ විජේරත්න නව ධූරයෙහි රාජකාරී භාර ගැනීමේ උත්සවය ඉතා චාම් අයුරින් (15) දින එම ආරක්ෂක සේනා මූලස්ථානයේ දී පවත්වනු ලැබීය. එහි දී නව ආඥාපතිතුමා හට 7 වන කාරක ඉංජිනේරු සෙබලුන් විසින් ආචාර සම්මාන මුරයක් සහ සම්මාන පෙලපාලියක් පිරිනමනු ලැබීය. අනතුරුව මේජර් ජෙනරාල් විජේරත්න විසින් ආගමික ආශිර්වාද මධ්‍යයේ නව තනතුරෙහි රාජකාරී භාරගැනීම සනිටුහන් කරමින් ලිපි ලේඛනවල නිල වශයෙන් අත්සන් කරනු ලැබීය. නව ධූරයෙහි රාජකාරී භාරගැනීමේ අවස්ථාව සිහිගන්වමින් ආඥාපතිතුමා විසින් පැළයක් ද රෝපණය කරමින් සියලු නිළයින් අමතනු ලැබීය. මෙම අවස්ථාව සඳහා 22, 23 සහ 24 වන සේනාංකාධිපතිවරුන් ඇතුළු නිළධාරීන් සහ සෙසු නිළයින් බොහෝ පිරිසක් සහභාගි වූහ. bridge media | Nike Air Force 1 Shadow White/Atomic Pink-Sail For Sale – Fitforhealth