Header

Sri Lanka Army

Defender of the Nation

24th January 2016 20:44:47 Hours

අන්තර්‍ සමාජ 20/20 ක්‍රීකට් ශුරතාව යුද හමුදාවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කල AIA අන්තර්‍ සමාජ ප්‍රිමියර්‍ ලීග් 20/20 ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය දිනා ගැනීමට යුද හමුදා කණ්ඩායම ඉරිදා (24) දින සමත්විය. ඒ තරගාවලියේ අවසන් තරගයේදී ද්‍ර‍විඩ සංගම් කණ්ඩායම කඩුලු 5 කින් පරාජය කරමිනි. අවසන් තරගය කොළඹ ආර්‍ ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදි පැවැත්වුණි. ප්‍ර‍ථමයෙන් පන්දුවට පහර දුන් ද්‍ර‍විඩ සංගම් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9 ක් දැවී ලකුණු 164 ක් රැස් කරන ලදී. පන්දු යැවිමේදී යුද්ධ හමුදා කණ්ඩායමේ ජේඑස් පෙ‍රේරා ලකුණු 24 ට කඩුලු 4 ක් දවා ගත් අතර, ඒඑච්ඩිඑස් රිද්ම සහ අජන්ත මෙන්ඩිස් කඩුලු 2 ක බැගින් දවා ගත්තේය. පිලිතුරු ඉනිම ක්‍රීඩා කල යුද්ධ හමුදා කණ්ඩායම පන්දුවාර 17 ක් අවසානයේදි කඩුඩු 5 ක් දැවි ලකුණු 170ක් රැස් කරමින් තරගය ජයගත් අතර, යුද්ධ හමුදා කණ්ඩායම වෙනුවෙන් ඩිජිඒඑස් ගුණරත්න නොදවි ලකුණු 65 ක් ද සිකුගේ ප්‍ර‍සන්න වේගවත් ලකුණු 28 ක්ද රැස් කලේය. අවසන් තරගය නැරඹීම සදහා යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුමිත් මානවඩුගේ ජ්‍යේෂ්ඨ නිළධාරි සහ යුද්ධ හමුදා ක්‍රිකට් කමිටුවෙ සාමාජිකයන් පිරිසක් සහභාගී විය.Running Sneakers Store | Sneaker & Lifestyle News