Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
24th January 2016 02:04:44 Hours
සන්නද්ධ බුද්ධි බලකා විරු සැමරුම් උළෙල ඉතා වර්ණවත් අයුරින්
මව්බිමේ ස්වෛරීභාවය සහ තිරසාර සාමය උදෙසා සන්නද්ධ බුද්ධි බලකා සෙබලුන් 66 දෙනෙකු මානුෂිය මෙහෙයුමේ දී ජීවිත පූජා කරමින් කල සේවය සිහිපත් කිරීම උදෙසා සෙනසුරාදා (23) දින කරන්දෙණිය සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මූලස්ථානයේ දී විරු සැමරුම් උළෙලක් පවත්වනු ලැබිය. මෙම සමරු උළෙල අදියර දෙකෙකින් සංවිධානය කර තිබූ අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සන්නද්ධ බුද්ධි බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ජගත් අල්විස්ගේ ආරාධනයෙන් රාජ්‍ය ආරක්ෂක ලේකම් ඒ.පී.ජි. කිත්සිරි මහතා සහ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහභාගි විය. ඒ අනුව පළමු අදියර යටතේ, සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මූලස්ථානය වෙත පැමිණි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා පිළිගැනිමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූලව සම්මාන මුරයක් ද පිරිනමන ලදි. අනතුරුව සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තුවේ දිගුකාලීන අවශ්‍යතාවයක්ව පැවති නවතමයෙන් ඉදි කරනු ලැබූ බලලත් නිළධාරී සහ සැරයන් නිවස්නය විවෘත කිරීමේ අවස්ථාවට යුද හමුදාපතිතුමා වෙත ආරාධනා කළ අතර, ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සමඟින් පැමිණි යුද හමුදාපතිතුමා බලලත් නිළධාරී සහ සැරයන් නිවස්නය විවෘත කර ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් වෙත භාරදෙන ලදි. තවද, සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ඒකකය, මොබිටෙල් ආයතනයේ අනුග්‍රහය ඇතිව මියගිය හා ආබාධිත රණවිරුවන්ගේ දරුවන් වෙත සහ ඔවුන්ගේ පවුල් වෙත මුදල් වවුචර් හා පාසල් උපකරණ ආදිය ලබාදෙන ලදි. සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ඒකකයේ සභාපතිනියගේ ආරාධනයෙන් සන්නද්ධ බුද්ධි බලකා රණවිරු පවුල් 83 ක් වෙත මෙම පරිත්‍යාග ලබාදිමේ උත්සව අවස්ථාව සඳහා යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නයනා ද සිල්වා මහත්මිය සහභාගි විය. එදින පස්වරුවේ මෙම උත්සවයේ තවත් අදියරක් ලෙස සන්නද්ධ බුද්ධි බලකායේ මියගිය රණවිරුවන් 66 දෙනෙකු සිහිපත් කරමින් එම බලකා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්විම රාජ්‍ය ආරක්ෂක ලේකම් ඒ.පී.ජි. කිත්සිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර, ඒ සඳහා එම රණවිරුවන්ගේ දෙමාපියන්, භාර්යාවන්, දුවා දරුවන් මෙන්ම ඥාතින් ද සිය ගෞරව පුද කිරිම සඳහා එක්ව සිටියහ. එහිදි පැතිරුණු සංගීත නාදය ගුවනට මුසුවිමෙන් උත්සවය ගාම්භිර ස්වරූපයක් ගත් අතර, එය තම ඥාතින් විසින් කඳුලු සලමින් මියගිය රණවිරුවන්ට ගෞරව දැක්විමක් ලෙස පිළිබිඹු විය.
latest jordans
|
Nike Dunk - Collection - Sb-roscoff